ඉන්දීය රජය විසින් පරිත්‍යාග කළ ක්ෂණික ක්ෂේත්‍රගත රෝහල් පද්ධති දෙකක් , ඒවාට අවශ්‍ය ඖෂධ , වෛද්‍ය උපකරණ සහ එම රෝහල් වල වැඩකටයුතු පුහුණු කිරීම සදහා ඉන්දීය හමුදා වෛද්‍යවරුන් කණ්ඩායමක් ද රැගෙන ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් ඊයේ (30) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
මෙම ක්ෂණික ක්ෂේත්‍රගත රෝහල් පද්ධති තුළ ශල්‍යකර්ම , රසායනාගාර පරීක්ෂණ , එක්ස් කිරණ පහසුකම් වැනි රෝහලකට අවශ්‍ය සියලුම පහසුකම් වලින් සමන්විතවේ .
මෙම රෝහල් වල වැඩකටයුතු ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබද මෙරට වෛද්‍යවරුන්ට අවශ්‍ය පුහුණව ලබා දීම සදහා ඉන්දීය හමුදා වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද මෙම ගුවන් යානයෙන් පැමිණ තිබුණි .


