පවතින ආපදා තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින විදේශීය සංචාරකයින්ගේ වීසා බලපත්‍ර ගැටලු සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව ගුවන් යානා අවලංගු වීම හා ගමනාගමන දුෂ්කරතා හේතුවෙන් රටින් පිටවීමට නොහැකි ව වීසා අවසන් වූ විදේශීය සංචාරකයින් සඳහා නොවැම්බර් මස 28 දින සිට ඉදිරි දින 7ක් දක්වා කාලයක් දඩ හෝ වීසා ගාස්තුවකින් තොරව ගුවන්තොටුපළවලින් පිටවීමට අවස්ථාව සළසා තිබේ.
තවද මේ වනවිට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කෙටිකාලීන හෝ දිගුකාලීන වීසා අවසන්ව තවදුරටත් වීසා කාලය දීර්ඝ කර ගැනීමට බලාපොරොත්තු වන විදේශිකයින් සඳහා නොවැම්බර් මස 28 දින සිට දින 7ක කාලයක් සඳහා දඩ අයකිරීමකින් කොරව වීසා දීර්ඝ කර ගැනීමට සහන කාලයක් ලබා දී ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.
කොටිකාලීන සංචාරක වීසා බලපත්‍රය දීර්ඝ කර ගැනීම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාර්ගගත ද්වාරය ඔස්සේ සිදු කර ගත හැකි බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටී. https://eservices.immigration.gov.lk/vs/login.php


