ජාතික පශු සම්පත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ජාතික පශු සම්පත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
  • SocialShare:

ආහාර සුරක්ෂිතතාව සහ පශු සම්පත් ක්ෂේත්‍රයේ නව අභියෝග සැලකිල්ලට ගනිමින් සකස් කරන ලද යාවත්කාලීන ජාතික පශු සම්පත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2006 වසරේදී සකස් කර දැනට ක්‍රියාත්මක වන ජාතික පශු සම්පත් ප්‍රතිපත්තිය, ගෝලීය හා දේශීය වශයෙන් සිදුව ඇති සමාජ හා ආර්ථික පරිවර්තනයන් හේතුවෙන් ආහාර සුරක්ෂිතතාව සහ පශු සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය සම්බන්ධයෙන් පැන නැගී ඇති නව අභියෝග සැලකිල්ලට ගනිමින් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.

ඒ අනුව, දේශීය විශේෂඥ උපදෙස් හා දැනුම ලබා ගනිමින් නව ජාතික පශු සම්පත් ප්‍රතිපත්තිය සකස් කර ඇති අතර, එය පෞද්ගලික අංශය මූලික කර ගත් සංවර්ධනය, වෙළෙඳපොළ ඉලක්ක කරගත් තරගකාරී නිෂ්පාදනය, තිරසර හා පරිසර හිතකාමී සංවර්ධනය, කුඩා පරිමාණ ගොවීන් සහ ග්‍රාමීය ජීවනෝපායන් සඳහා සහය වීම මෙන්ම විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වූ සංවර්ධනය යන ක්ෂේත්‍ර ආවරණය කරමින් සකස් කර ඇත.

මෙම ප්‍රතිපත්තිය මඟින් රටේ පශු සම්පත් ක්ෂේත්‍රය නවීකරණය කිරීම, ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම, වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලන තරගකාරී නිෂ්පාදන පද්ධතියක් ගොඩනැගීම සහ කුඩා පරිමාණ ගොවීන්ගේ ආර්ථික ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.

ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව යාවත්කාලීන ජාතික පශු සම්පත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.