මහ ගංවතුර තත්වය තවදුරටත් පවතිනවා - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

මහ ගංවතුර තත්වය තවදුරටත් පවතිනවා - වාරිමාර්ග දෙපාර්තමේන්තුව
  • SocialShare:

වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද පෙරවරු 9.00 ට නිකුත් කළ වාර්තාවට අනුව කැලණි ගඟ ආශ්‍රිත හංවැල්ල , ග්ලෙන්කෝස් ප්‍රදේශවල තවදුරටත් ගංවතුර තත්වය පවතින බවත් නාගලම්වීදියට සුළු ගංවතුර තත්වයක් සහ කිතුල්ගල ප්‍රදේශය අවධානයෙන් පසුවන ලෙසත් දන්වා තිබේ.

තවද මහ ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රීතව බඩල්ගම , ගිරිඋල්ල සහ දූනමලේ ප්‍රදේශවලට මහ ගංවතුර තත්වයක් පවතින බවත් ජල මට්ටම් වැඩිවන බවත් එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
කළු ගඟ ආශ්‍රිතව කලවැල්ලාව ප්‍රදේශයට මහ ගංවතුර තත්වයක් පවතින අතර එල්ලංගාව සහ රත්නපුර ප්‍රදේශවලට සුළුගංවතුර තත්වයක් පවතින බවත් දක්වා ඇත.එසේම පුටුපාවුල සම මගුර ප්‍රදේශ ගංවතුර තත්වයන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසද දක්වා ඇත.
එම වාර්තාවට අනුව මැණික් ගඟ අවට මහ ගංවතුර තත්වය පහව ගොස් සුළු ගංවතුර තත්වයක් තවදුරටත් පවතින බවද සඳහන් කර තිබේ.