යුද්ධ හමුදාවේ මැදිහත්වීමෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ ආපදා සහන මෙහෙයුම්

යුද්ධ හමුදාවේ මැදිහත්වීමෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ ආපදා සහන මෙහෙයුම්
  • SocialShare:

රට පුරා අයහපත් කාලගුණික තත්ත්වයන් අඛණ්ඩව පැවතුනද, යුද්ධ හමුදා භටපිරිස් මොණරාගල දිස්ත්‍රික්කයේ ආපදා සහන මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කරයි.

එහිදී, භටපිරිස් විසින් මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කඳවිල ප්‍රදේශයේ ගංවතුරින් පීඩාවට පත් වූ පවුල් 13ක පුද්ගලයින් 50 දෙනෙකු බේරා ගෙන ඔවුන් සියලුම දෙනා මැදගම, පිටදෙණිය ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපිත තාවකාලික සහන සේවා කඳවුර වෙත යොමු කරන ලදී.

එමෙන්ම, අධික වර්ෂාපතනය හේතුවෙන් කුඹුක්කන් ඔය අමුණෙහි අපද්‍රව්‍ය රැස්වීම හේතුවෙන් ජලය ගලායාම අවහිර වීම හේතුවෙන් භටපිරිස් එම අපද්‍රව්‍ය ඉවත් කරන ලදී. ඊට අමතරව, අමුණු බැම්මේ ඛාදනයට ලක් වූ කොටසක් වෙත වැලි කොට්ට යොදා බැම්ම ශක්තිමත් කරන ලදී. මේ අතර, තවත් භටපිරිස් කණ්ඩායමක් විසින් 3 වන සැතපුම් කණුව අසල කුඹුක්කන් ඔය ඇළ මාර්ගය අවහිර වෙමින් කඩා වැටී තිබූ ගස් ඉවත් කරන ලදී.