ඉරණමඩු ජලාශය පහත්බිම්වල ජනතාව වහාම ඉවත් වන්න

ඉරණමඩු ජලාශය පහත්බිම්වල ජනතාව වහාම ඉවත් වන්න
  • SocialShare:

ඉරණමඩු ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු මේ වනවිට විවෘතකර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ඒ අනුව මෙම ජලය ගලා යනු ලබන ඇළ මාර්ගයේ ශක්තිමත් බව වෙුනවෙන් ඉදි කර ඇති ගංවතුර පැති බැම්ම මේ වන විට කැඩී ගොස් ඇති නිසා එම ප්‍රදේශයේ පහත් බිම් ජලයෙන් යටවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
ඒ හේතුවෙන් මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාව හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස එම මධ්‍යස්ථානය අවධාරණය කරයි.