හදිසි ඇමතුම් අංකයක් ද හඳුන්වාදෙයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවතින ආපදා තත්ත්වය හමුවේ “ජාතික සෞඛ්‍ය ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය“ මේ වන විට පැය 24 පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇත.
මෙම මධ්‍යස්ථානය මඟින් සෞඛ්‍ය ආපදා කළමනාකරණය සඳහා සෞඛ්‍ය අංශ සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණයක් ගොඩනගා ගැනීම සඳහා කටයුතු කරන අතර ඊට අමතරව හදිසි අපදා තත්වය හේතුවෙන් මතුවී ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු පිළිබඳව ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ වැඩසටහනක් ද ක්‍රියාත්ක කර ඇත.
මීට අමතරව පොදු මහජනතාවට, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ට, ඕනෑම ආයතනයකට, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ අවශ්‍ය කරුණු දැන ගැනීම සඳහා හැකිවන පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක වන හදිසි ඇමතුම් අංකයක් ද මෙම මධ්‍යස්ථානය හඳුන්වා දී ඇත.
එහි අංකය 1926 වේ.
මෙම අංකය භාවිතා කර හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මතුවන සෞඛ්‍ය ගැටළු සහ අනෙකුත් සෞඛ්‍ය අවශ්‍යතා පිළිබඳව උපදෙස් සහ අවශ්‍ය සහයෝගයන් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සියලු දෙනාගෙන්ම කාරුණික ඉල්ලීමක් කර සිටී.


