දිත්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් ව සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය සහය දක්වන බව සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි.
මෙම අසීරු අවස්ථාවේ ඇමරිකා එක්සත් ජනපදය සහන කටයුතු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් අද (29) ලබා දීමට කටයුතු කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
එසේම මෙම ආපදා තත්වය තුළ ඉදිරියේදී ද ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දෙන බවද ඇය සිය සටහනේ වැඩිදුරටත් දක්වා ඇත.


