මහවැලි ගඟ ආශ්‍රිත මහ ගංවතුර අධි ගංවතුරක් දක්වා වර්ධනය වෙයි

මහවැලි ගඟ ආශ්‍රිත මහ ගංවතුර අධි ගංවතුරක් දක්වා වර්ධනය වෙයි
  • SocialShare:

මහවැලි ගඟ ආශ්‍රිතව පහත්බිම්වල පවතින මහ ගංවතුර තත්වය අධි ගංවතුර තත්වයක් දක්වා වර්ධනය විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් වාරිමර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දිඹුලාගල, තමන්කඩුව , වැලිකන්ද , ලංකාපුර , මැදිරිගිරිය , සේරුවිල , කන්තලේ . කින්නියා , මූතූර් ප්‍රදේශවල පහත් බිම්වල ජීවත් වන ජනතාව වහාම ඉවත් වී ආරත්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි .