මේ වන විට වික්ටෝරියා වේල්ල කැඩි යන බවට අසත්‍ය ප්‍රචාරයක් ජනතාව අතර පැතිර යන බව වික්ටෝරියා විදුලි බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු ජි.ඩි.අයි ශාන්ත මහතා පවසයි.
ඒ මහතා , අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.
වික්ටෝරියා බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම පද්ධතියට සම්බන්ධව විදුලි ජනනය කරමින් පවතින බව ඒ මහතා සඳහන් කළේය.
වික්ටෝරියා බලාගාරයේ කටයුතුවලට කිසිදු අනතුරුදායක තත්ත්වයක් නොමැති බවත් වික්ටෝරියා වේල්ලේ මෙහෙයුම් කටයුතු පිළිබඳ වැඩිදුර තොරතුරු මහවැලි අධිකාරිය මඟින් ලබා ගත හැකි බවත් ඒ මහතා අවධාරණය කළේය.


