යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (31) පාර්ලිමේන්තුවේ දි මේ බව ප්‍රකාශ කළේය.
නව ව්‍යවස්ථාව සහ ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව ඇතැමුන් මේ දිනවල සාකච්ඡා කරන නමුත් නව ව්‍යවස්ථාවක් පිළිබඳව අප තවමත් අවසාන තීරණයක් ගෙන නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නිල කාලය අවසන් වුව ද පළාත් සභා මගින් කෙරෙන මහජන සේවාවන් සහ දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව සිදුකරන ලෙස ජනාධිපති පළාත් ප‍්‍රධාන ලේකම්වරුන්ට උපදෙස් දෙයි.
සාර්ක් රටවල කතානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංවිධානයේ අටවැනි සමුළුව ජනපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) කොළඹ දී ආරම්භ විය.
තොරතුරු දැනගැනීමේ ජාත්‍යන්තර දිනය අදට (28) යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවති සමුළුවේදී නිකුත් කළ පුවත් සටහන පහත සඳහන් වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පාර්ලිමේතුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල අභිමානවත් ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) කොළඹ, නෙළුම් පොකුණ රංගන ශාලාවේ දී පැවැත්විණි.
රටේ ඉදිරි සංවර්ධන දැක්ම "V 2025" එළිදැක්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (04) සවස පැවැත්විණි.
ලොව පුරා විසිරි සිටින මුස්ලිම් ජනතාව ඇති - නැති, උගත් - නූගත් කිසිදු භේදයකින් තොරව මක්කම පූජා නගරයට ඒකරාශීව, ආගමික පිළිවෙත් ඉටුකරන හජ් උත්සවය ඉස්ලාම් ධර්මය තුළ මහත් හරසරින් සැමරෙන උත්තරීතර ආගමික පිළිවෙතකි.
ඉබ්‍රාහිම් නබි තුමා තම පුතණුවන් වූ ඉස්මායිල් නබිතුමන්ව දෙවියන් වෙනුවෙන් පරිත්‍යාග කිරීම පිළිබිඹු කරන්නා වූ මෙම පිළිවෙත, ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන් එක් වී ලෝක සාමය වෙනුවෙන් ආගමික වතාවත් ඉටුකරන ජාත්‍යන්තර සමුළුවක් වශයෙන් ද සැලකිය හැකිය.
ආත්මාර්ථකාමීත්වයෙන් හා ලෝභයෙන් මිදී තමන් සන්තක දෙය අන්‍යයන් හා බෙදා හදා ගැනීම, සහජීවනයෙන් දිවි ගෙවීම, සමාජය තුළ උස් පහත් භේද දුරලා සමානාත්මතාව ගොඩනැගීම ආදී උතුම් පරමාර්ථ සඳහා හජ් උත්සවයේ ප්‍රමුඛ අගයක් ලැබේ. එය මුස්ලිම් ජනතාවට පමණක් නොව සමස්ත ලෝක වාසීන්ට මහත් ආදර්ශයක් වන බව මගේ හැඟීමයි.
එම අධ්‍යාත්මික වටිනාකම් ලොව වෙත ගෙන යන්නට ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරමින්, අද දින හජ් උත්සවය සමරන්නා වූ සියලූ මුස්ලිම් බැතිමතුන්ට ප්‍රීතිමත් ඊදුල් අල්හා උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමි.
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය
2017 අගෝස්තු 30
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දශක හතරක දේශපාලන ගමන්මගේ සුවිශේෂ අවස්ථා ආවරණය කළ ''හෙට දකින රනිල්'' ප්‍රදර්ශනය ලබන 17 වන දින සවස 3.30 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දශක හතරක දේශපාලන ගමන්මගේ සුවිශේෂ අවස්ථා ආවරණය කළ ''හෙට දකින රනිල්'' ප්‍රදර්ශනය ලබන 17 වන දින සවස 3.30 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.
මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල ජනතාගත කිරීමේ කටයුතු අද (17) පෙරවරුවේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් එම රෝහලේදී සිදු කෙරිණි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය යටතේ සියළුම මාධ්‍ය ආයතන, සියළුම ජංගම දුරකථන සමාගම් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය එක්ව ඩෙංගු ව්‍යසනය තුරන්කිරීමේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.