විසර්ජන පනත් කෙටුම්පත විවදය දසවැනි දිනය -නොවැම්බර් 21
විසර්ජන පනත් කෙටුම්පත විවදය දසවැනි දිනටත් අද (21) විවාදයට ගැණුනා. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය වැයශීර්ෂයි අද විවාදයට ගැණුනේ. පාර්ලිමේන්තුවේ කටයුතු කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
දුරකතන තොරතුරු ගැන සභාව යලි උණුසුම් වෙයි....
දුරකතන තොරතුරු හෙළිදරව් වීමෙන් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී දැයි සොයා බැලීමට ඒ පිළිබඳ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත යොමු කරන බව කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුව ආරම්භයේ දී නිවේදනය කළා. එහිදී සභාවේ උණුසුම් සංවාදයක් ඇති වුණා.
ඒ අනුව පක්ෂ නායක රැස්වීමක් කැඳවා මේ පිළිබඳව දීර්ග ලෙස සාකච්ඡා කෙරෙන බවද කතානායකවරයා ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා - තොරතුරු ප්‍රසිද්ධ කිරීම වැරැදියි කියන එක වැරැද්දක්.ඇයි මේ තොරතුරු දැනගැනීමට විරුද්ධ වන්නේ. ජනධිපති කොමිෂම කියන්නේ ප්‍රසිද්ධ කොමිෂමක්.
අමාත්‍ය කබීර් හෂීම් මහතා- දැන් දූෂණ වංචවලට එන්න කිව්වාම ඒවාට හැංගෙනවා. එදා තොරතුරු ඉල්ලුවාම සුදු වෑන් වලින් ඉස්සුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා- රටට ආදර්ශයක් වෙන්න අගමැතිතුමා කොමිෂමට ගියා. පුළුවන්න් නම් මේ අයට යන්න කියන්න
වාචික ප්‍රශ්නවලට පිළිතුරු.....
ඉන් අනතුරුව වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න යොමු කිරීමේ අවස්ථාව එළැඹිණි.මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා මර්ග අනතුරු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කර තිබුණි.
වසර 2016 දී සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව 35199ක් බවත් අනතුරු හේතුවෙන් මරණ 201ක් සිදුව ඇති බවත් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පිළිතුරු දෙමින් සඳහන් කළා.
ජෛව විවිධත්වය රැක ගැනීමට ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවය පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික ප්‍රශ්න අවස්ථාවේ දී අවධානය යොමු කළා. එහිදී නැගී සිටි අමාත්‍ය ගමිණී ජයවික්‍රම පෙරේරා මහත සඳහන් කළේ මෙය ජාතික අවශ්‍යතාවයක් වන බවත් මේ පිළිබඳව අවධානය යොමු කර තිබෙන බවත් ය.වනජීවී, වනරක්ෂණ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක වනබව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා දසඳහන් කළා.
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් විසින් රුපියල් මිලියන 200ක රාජ්‍ය මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් සොයාබැලීමට නිලවශයෙන් කොමිෂමක් පත් කළ යුතුයැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කියා සිටියා.
''සී.ඩබ්ලිව් ජී හම්බන්තොට 2018 ප්‍රයිවෙට් ලිමිටඩ් නමින් ජංගම ගිණුමක් සහ රුපියල් මිලියන 11ක් යොදව ස්ථාවර තැම්පතුවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.ඉහත ගිණුම්ට විවිධ රාජ්‍ය අරමුදල් හ පරිත්‍යාග කර බෙනවා.''
''රජයේ මුදල් මේකට ගිහින් තියෙනවා,මිලියන 190 387යි.මෙහි තවත් වැඩි විස්තර ලබාගැනීමට බැංකුවෙන් අපෝසත් වුණා. මේ මුදල් භාවිතා කළේ ඒ කාලේ සෙන්කීට්වලට ගිහින් ලොකු සෆාරියක් කරලා ලොකු පාටියක් දාන්න'' මෙහිදී ප්‍රශ්නයක් නැගූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විමසා සිටියේ ලංසු තැබීමට කොපමණ මුදලක් වැය කර තිබේ ද යන්නයි.
''මේ පිළිබඳව ගිණුම් විසතර ලබාගන්න ඉල්ලීමක් කළා. ඒ රාජ්‍ය මුදල් භාවිතා කළා ද කියලා විස්තරයක් ගැනීමට නොහැකිවුණා. මේකට කොමිෂමක් පත් කරන්න වෙනවා මෙහි තොරතුරු ගන්න.''
''මේක රාජ්‍ය මට්ටමේ ක්‍රීයාවලියක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සිදුවිය යුතු දෙයක්, මෙය කොම්පැනියක් ගිණුම තියෙන්නේ. රුපියල් මිලියන 200ක මුදලක් තැම්පත් කර තියෙන්නේ. වියදම් කළ ආකාරය ගැන තොරතුරු නෑ. රාජ්‍ය මුදල් සම්බන්ධ නිසා නිලවශයෙන් කොමිෂන් සභාවක් පත් කර තොරතුරු සොයන්නට සිදු වෙනවා''
2030 වනවිට සූර්යබලයෙන් මෙගාවෝට් 1009ක් උත්පදනය කෙරෙන බවත් සූර්ය බලාගාර 60ක් සඳහා ටෙන්ඩර් කැඳවා අවසන් බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා කියා සිටියා.
''ලෝකයේ පවතින අඩු වියදම් සහිත විදුලි උත්පදන ක්‍රමයක් සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම. මේ වනවිට සූර්ය පැනට වහළ මත සවිකර විදුලිය ලබගැනීමට පහසුකම් සළසා ඇත. ක්‍රම තුනක් යටතේ විදුලිය උත්පාදනය් කරන්න පුළුවන්.''
''අද ඉතා වැදගත් කටයුත්තක් සිදුවෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වසරක් තුළ මෙගාවෝට් සියයක් ජාතික පද්ධතියට එකතු කිරීම අද සමරනවා.''
''මීට අමතරව පෞද්ගලික අංශය සම්බන්ධ වී මේ.වෝ.51.3ක විදුලි බලාගාර 7ක් මඟින් විදුලිය සැපයෙනවා. ජනන සැලසුම අනුව සූර්ය බලයෙන් වසර 2020 වනවිට මෙ.වෝ. 410ක් 2025 වන විට මෙ.වෝ.685ක් 2030 වන විට මෙ.වෝ 1009ක් දක්වා විදුලිය නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා.''
''සූර්යබල සංග්‍රාමයේ දෙවැනි අදියර යටතේ මෙ.වෝ 01 බැගින් වන සූර්ය බලාගාර 60ක් සඳහා ටෙන්ඩර් කැඳවා අවසන් කොට තිබෙනවා. ලබන සතිය වනවිට මෙ.වෝ එක බැගින් වූ බලාගාර 90ක් සඳහා ටෙන්ඩර් ප්‍රකාශයට පත් කරනවා''
උසස් අධ්‍යාපන හා මහාමාර්ග වැයශීර්ෂ විවාදය ආරම්භ වෙයි....
උසස් අධ්‍යාපන හා මහාමාර්ග වැයශීර්ෂ විවාදය දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිමලනාදන් මහතා විසින් ආරම්භ කරමින් උතුරේ මාර්ග සංවර්ධනය අගය කළ අතර පාලම් 8ක් මේ වනවිටත් කඩිනමින් ඉදිවීම පිළිබඳව සිය සතුට පළ කළේ ය.
පුද්ගල අධ්‍යාපන ආයතනවලට විරෝධතා තිබුණා. සයිටම් ගැටළුව විසඳාගැනීමට හැකි වුණා යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධක්‍රිෂණන් මහතා විවාදයට එක්වෙමින් පවසා සිටියා
වෙළඳපොළ ශ්‍රමිකයාගෙන් ඔබ්බට ගොස් පුරවැසියා ගොඩනැගිය යුත්තේ කෙසේද කියා අවධානය යොමු කළ යුතුබව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පැවසීය එවැනි පුරවැසියෙක් අධ්‍යපනයෙන් ගොඩනැංවිය යුතුය යන්නයි.
රාජ්‍ය විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුළත් කිරීමේ ප්‍රවේශය වැඩි කිරීමට රජය පියවර ගන්නා බව සඳහන් කළේ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා මෙසේ ද ප්‍රකාශ කළා.
''සෑම වසරකදී ම සියයට 10%ක විශ්වවිද්‍යාල ප්‍රවේශය වැඩි කිරීම පටන්ගෙන තිබෙනවා. වසර 2015 දී සිසුන් 25,000ක් වුවත් 2015 -2016 වසරවලදී රාජ්‍ය විශ්වවිද්‍යල සඳහ 30500ක් දක්ව වඩිකිරීමට කටයුතු කර ඇතිබවත් එය සියයට 19ක වර්ධනයක් ''
''සමස්ත තරුණ පරපුර ලැබූ ජයග්‍රනයනයක්. සිසුන් 5000කින් පම්ණ වැඩි කරගැනීමට හැකි වුණා. රැකියා ගත කරනන්න හැකි විෂය ක්ෂේත්‍රවල ප්‍රවේශය වැඩි කරන්න කටයුතු කරනවා.''
''විශ්වවිද්‍යාල නැතිකරන්න යනව කියලා. අප රාජ්‍ය විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුළත් කිරීමේ ප්‍රවේශය වැඩි කිරීමට කටයුතු කරනවා වසර 2020 වනවිට 50,000ක් දක්වා වැඩි කිරීමට බලපොරොත්තු වෙනවා. එමෙන් ම විවෘත විශ්වවිද්‍යාලය සඳහා සිසුන් ඇතුළත් කිරීමේ සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කරනවා''
නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනව වගේම අධ්‍යාපනයට නිඳහසත් ශක්තිමත් කරන රජයක් යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළා.
''උසස් අධ්‍යාපනය ප්‍රමිති මැනීමේ ආයතනයට ලක්ෂ 250ක් වෙන් කර තිබෙනවා විශ්වවිද්‍යල සිසුන්ට රක්ෂණයට ලක්ෂ 1100ක් වෙන් කර තිබෙනවා. රැකියාවක් අවශ්‍යයි. ජර්මනිය ස්විට්සර්ලන්තය යන රටවල තාක්ෂණික සහාය ඇතිව නුවර ත්‍රිකුණාමලාය් රත්නපුර අනුරාධපුරයේ තාක්ෂණික විදුහල් ආරම්භ කරනවා. තාක්ෂණ,ඉංජිනෙරු අංශවලට යන්න අවස්ථාව සළසනවා. දරුවන්ගේ යහපත සඳහා නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනව වගේම අධ්‍යාපනයට නිඳහසත් ශක්තිමත් කරන රජයක් ''යැයි ද පවසා සිටියා.
විවාදයට එක් වූ ක්‍රීඩ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මධ්‍යම අධිවේගී මාර්ගයේ පවතින ගැටළු පිළිබඳව අවධානය යොමු කළා.වන්දි තක්සේරු පිළිබඳ ගැසට් පත්‍රයේ නියෝග උල්ලංඝණය කිරීමක් වී ඇතයි අමාත්‍යවරය පැවසුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විවාදයට එක්වෙමින් කුරුනෑගල මාර්ග ව්‍යාපෘති හොඳින් සිදු කෙරෙන බව කියා සිටියා. ''එදා ගල් තාර දමන ආකාරය සහ අද තාර දමන අකාරය ගැනත් සඳහන් කළා.එදා ගිවිසුම් නැතිව මුදල් නැතිව වැඩකරලා. ඒ සල්ලි ගෙවන්න වුනේ අපිටයි. පූට්ටු වුණ ප්‍රාදේශීය සභාව නැතිව ගමේ පුංචි ආණ්ඩුව පිහිටුවන්න අපට හැකියාව තිබෙනවා. මෙවර මැතිවරණය එක්සත් ජාතික පක්ෂය සියයට 50% වඩා බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් දිනනවා. යැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළා.
මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රශ්නයක් යොමු කළා. ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ මේ සඳහා කැබිනට් අනුමතියක් තිබෙන බවය.''තමුන්නාන්සේලා ටීවී එකේ කතාකරන එක දැක්කම ආයෝජකයෝ බයවෙනවා.අපට සහයෝගය දෙන්න.''
අගමැතිවරයා කොමිෂමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයකට අඳහස් දැක්වූ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කළේ, මෙතුමා උත්සහ කරන්නේ අගමැතිතුමා කොමිෂමට ඉදිරිපත්වීම හෑල්ලු කිරීමටයි යැයි ප්‍රකාශ කළා.
හිටපු ජනාධිපතිතුමා පරාජය පත් වුණේ එදා කට්ටිය කරපු පාපකර්ම නිසා. ඒවා කියනකොට රිදෙනවා නෙද? යැයි මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා විවාදයට එක්වෙමින් සඳහන් කළා.එහිදී මූලාසනය විසින් මාතෘකාවට අදාළව කතා කරන ලෙස මන්ත්‍රීවරයාට දන්වා සිටියා.
අතරමඟ ඇණහිට තිබූ බදුල්ල-චෙන්කලඩි මාර්ගය පියවර හයකින් වැඩකටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි මහමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විවාදයට එක්වෙමින් සඳහන් කළා.
''බදුල්ල දිස්ත්‍රික්කයට තාක්ෂණික විශ්වවිද්‍යාලයක් හැදීමට ස්ථනයක් සොයා බැලුවා. නෙළුව වත්ත භූමිභාගය,ගොඩනැගීලි තිබෙනවා. තක්ෂණික විශ්වවිද්‍යාලයට හොඳ තැනක්'' බව අමාත්‍යවරයා විවාදයේ දී කියා සිටියා.
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කළේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා 2019 අවසන් වනවිට උතුර නැඟෙනහිර,ඌව ,බස්නාහිර,බරහිර, මුළු රටම වෙලාගන්නා මාර්ග කිලෝමීටර් 6886ක් සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වන බව සඳහන් කළා.
''විශ්වවිද්‍යාලවලට ළමයි ගන්නේ ජතිය අනුව නොවෙයි ලකුණු අනුවයි. විද්‍යා විෂයන් යන්නේ දිස්ත්‍රික් පදනම අනුවයි.විශ්වවිද්‍යාල කාර්යමණ්ඩල හිඟයක් තියෙන බව කිව්වා. 4768 පුරප්පාඩු පවතිනව කිව්වා. අනුමත 10865ක් තනතුරු තියෙනවා. පුරප්පාඩු පිරවීමට තාවකාලිකව බඳවා ගැනීම් කර තිබෙනවා.''
''යහපලන රජයට චෝදනා ආවා නිදහස් අධ්‍යපනය විනාශ කරන්න ආව කියලා.රජයේ විශ්වවිද්‍යාල ආරක්ෂා කරන්න නිදහස් අධ්‍යපනය ආරක්ෂා කරනන්න වැඩපිළිවෙල තියෙනවා. තාක්ෂණික පීඨ හතක්,වෛද්‍ය පීඨ තුනක් හදනව. මහපොළ ශිෂ්‍යාධාර තවත් 3000කට ලබාදෙන්න පියවර ගන්නවා. සයිටම් ආයතනය ක්‍රමණුකූලව අහෝසි කරනවා. සමාන්තරව රාජ්‍ය නොවන ආයතනයක් පිහිටුවනවා,පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයක් ඇතිකරනවා..
අද අධ්‍යාපනයේ දියුණුව ගැන සමහර මන්ත්‍රීවරු කතා කළා. ඒ අය ශිෂ්‍ය ව්‍යාපරය හරහ ශිෂ්‍ය ව්‍යාපරය කඩකප්පල් කළේ. වෛද්‍ය පීඨ වස දැමීම පිටුපස සිටියේ කවුද? පාර්ලිමේන්තුවෙන් එළියේ ගිහින් අධ්‍යාපනය කඩාකප්පල් කරනවා. පෞද්ගලික අධ්‍යාපනය අත්‍යාවශ්‍යයි.පෞද්ගලික් අධ්‍යාපනය ශක්තිමත් කරන්න සියලු දෙනගේම සහාය බලපොරොත්තු වෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගය කොටස් තුනක් තියෙනවා. ඒ තුනම කොන්ත්‍රාත් ක්‍රමයට ලබදුන්නේ කැබිනට් අනුමැතිය ඇතිවයි. මේක දළදා වහන්සේ වැඳපුදා ගන්න යන මාර්ගය.පිටරට ළමයි යවන ආයතන 100ක් තියෙනවා.මිලියන 7000ක් වියදම් වෙනවා, ආයතන 26න් පමණක් පිටරට ගිහින් ඉගෙන ගන්න.පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යයි කියන්නේ මෙවැනි මුදලක් රටතුළ රඳවා ගන්නයි ''
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු වැය ශීර්ෂය විවාදයට....
වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳ පෙළඹවීමක් ජාතික මට්ටමින් අවශ්‍ය වී තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පවසා සිටියා. වැඩලෝකයට අවශ්‍ය මානව සම්පත ගුණාත්මක වශයෙන් දැනුමෙන් ආකල්ප හා කුසළතාවයෙන් පෝෂණය කරලා මෙම මානව සම්පත වැඩලෝකයට පිටත් කිරීමයි අරමුණ බවද පැවසුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා විවාදයට එක්වෙමින් සඳහන් කළේ, විශ්වවිද්‍යාලවලට ඇතුලත් වීමට නොහැකි අයට පෞද්ගලික අධ්‍යාපනයට යොමු කරන්න ඕන. ලංකාව තුළ උසස් අධ්‍යාපන ආයතන බිහිකරලා, විදේශ විනිමය රට තුළ ඉතිරි කර ගැනීමට කටයුතු කිරීම ඥාණවන්ත ක්‍රියාවක් බවය.
සියලු පහසුකම් සහිත උපදේශකයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක්
නිපුණතා සංවර්ධනය හා වෘත්තීය පුහුණුව මේ රටේ විශලතම සිසු කොට්ඨාශයක අවශ්‍යතාවය බවත් සියලු පහසුකම් සහිත උපදේශකයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළා.
නිපුණතා සංවර්ධනය හා වෘත්තීය පුහුණුව මේ රටේ විශලතම සිසු කොට්ඨාශයක අවශ්‍යතාවයයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලබන හැම දරුවෙක් ම බාර වෙන්නේ නිපුණතා අමාත්‍යාංශයටයි. මේ වනවිට පහසුකම් තියෙන්නේ 110,000ක ආසන්න ප්‍රමණයක් පමණයි.
අපට රජයක් හැටියට අභියෝග දෙකක් තිබෙනවා. එකක් තමයි පුහුණු වෙන්න් අතිබෙන පහසුකම් ලක්ෂයකින් වැඩිකිරීමයි. පුහුණු මධ්‍යස්ථනයකම තාක්ෂණය, පෞද්ගලික අංශය, කර්මාන්ත, බලාපොරොත්තුවන තාක්ෂණය ඉගැන්වීම් නවීකරණය කිරීමේ වගකීම අපට තිබෙනවා. පුහුණු ගුරුවරු බඳව ගැනීම හා සොයාගැනීමේ අභියෝගය අපේ රටට තිබෙනවා.සියලු පහසුකම් සහිත උපදේශකයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
අප බලාපොරොත්තු වෙන්නේ වහල් සේවයක් ඇති කරන්න නොවේ. අභිමානවත් රැකියා හැටියට, අභිමානවත් ව සිදු කරන්න, ඒ සඳහා මුදල් වෙන් කළේ.අපේ අමාත්‍යාංශය යටතේ පවතින පුහුණු මධ්‍යස්ථානවල උපදේශකයන්ට දක්ෂතාවය තිබෙනවා. ලබාදෙන සහතික අදාළ විෂයට ගැළපෙන පිළිගැනීම, එන්.වී,කියු සහතික ලබාදීම ආරම්භ කර දී තිබෙනවා. 55000කට සහතික ලබදී තිබෙන බවද අමාත්‍යවරයා පැවසුවා.
ප්‍රභාත් රත්නායක
පාර්ලිමේන්තුවේ සිට.......