අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද පාර්ලිමේන්තුවෙන් - අධිකරණ ක්‍රියාදාමයට දෙමළ සන්ධානයෙන් පැසැසුම්... නව ජාතික අපනයන ක්‍රමෝපායක්...

    නොවැම්බර් 20, 2017

    දුරකතන සංවාද පාර්ලිමේන්තුව උණුසුම් කරයි...

    වරප්‍රසාද කඩ වූ බවට ප්‍රකාශයක්...

    අගමැතිවරයා කොමිෂමට යෑම ආදර්ශයක් මන්ත්‍රීවරු මැතිසභයේ දී කියයි...

    අධිකරණ ක්‍රියාදාමයට දෙමළ සන්ධානයෙන් පැසැසුම්...

    නව ජාතික අපනයන ක්‍රමෝපායක්...

     අයවැය 2018 කාරක සභා අවස්ථාව, වැය ශීර්ෂ විවාදය නොවම්බර් 20 දිනය..


    විසර්ජන පනත් කෙටුම්පත 2018 නව වැනි වෙන්කළ දිනයේ තුන්වැනි දිනයට වැයශීර්ෂ විවාදය ආරම්භ වුණා.අද (20) විවාදයට ගනු ලැබුවේ අධිකරණ අමාත්‍යාංශය සහ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයයි.

     

    hakeem 1 විවාදය ආරම්භ වීමට පෙර වාචික පිළිතුරු අපේක්ෂකරන ප්‍රශ්න විමසීමේ අවස්ථාව උදා වුණා. එහිදී උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියෙන්  හානියට පත් ජනතාවගේ ජල ගැටළුව පිළිබඳව සාකච්ඡාවට ලක් වුණා. ප්‍රශ්නය යොමු කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා. උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත් ජනතාවගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් ජල ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන් කළේ, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා.

     

    ''ඩයබරා ඇල්ල  ජල ව්‍යාපෘතිය මඟින් ඌමා ඔය ව්‍යාපෘතියෙන් බලපෑමට ලක් වූ ග්‍රාම නිලධාරී වසම් 55ක 1,10,000කට ජල අවශ්‍යතාවය සපුරාලීමට බලාපොරොත්තුවන වෙනවා. ජල ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කෙරෙනවා. මේ සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 352ක්. ඒ යටතේ ජල සම්බන්ධතා 1350ක් ලබාදිය හැකියි. හාලි ඇල්ල ව්‍යාපෘතිය උසස් අන්දමේ ජල ව්‍යාපෘතියක්, හැම ජල ව්‍යාපෘතියකටම ඉලක්කයක් තිබෙනවා. දෙමෝදර ප්‍රදේශයට වෙනම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මකුලු ඇල්ල ජල යෝජනා ක්‍රමයෙන් ජල සම්පාදන 750ක්  ලබාදෙන අතර වෙහෙරගලතැන්න යෝජනා ක්‍රමය ජල සම්බන්ධතා 300ක් ලබාදිය හැකි බව පවසන අමාත්‍යවරයා, කුරුඳුගොල්ල යෝජනාව ද ක්‍රියාත්මක වෙනවා'' යැයි ද සඳහන් කළා.

     

    වාචික ප්‍රශ්න අවස්ථාවෙන් පසුව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නැඟී සිටිමින් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කළා. ඒ බැදුම්කර ගනුදෙනුවට සම්බණ්ධ දුරකතන සංවාදවලට කෝප් කමිටුවේ මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන් වීම ගැනයි. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, ''කිසිදු මන්ත්‍රීවරයකු වරද කරුවෙකු වී නොමැති බව  සහ  මෙය වරප්‍රසාද කඩවීමක්'' බවත් ය.

     

    ''අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකස් කළ වාර්තාවක් විමර්ශන කොමිෂන් සභාව හමුවේ තබා තිබෙනවා. මෙහි සැබෑ තත්ත්වය වනුයේ, අර්ජුන් ඇලෝසියය්ස් විසින් තමාට පක්ෂව කෝප් වර්තාවේ යම් වෙනස්කම් සිදු කිරීමේ අපේක්ෂාවෙන් මෙම සාමජිකයන් පස් දෙනා අමතන ලද්දේ නම් ඔහු ඔවුන් වෙතින් කිසිදු ආකාරයක අනුග්‍රහයක් ලබා ගැනීමට අපොහොසත් වී ඇති බවය.''

     

    ''සියලු දෙනා විසින් වැරදිකරුවන්ට එරෙහිව අවශ්‍ය කටයුතු කළ යුතු බවට එකඟතාවයට පැමිණ තිබෙනවා. කොප් කමිටුවේ මන්ත්‍රීවරුන් විසින් එයට එරෙහිව කටයුතු කළ යුතු බවට දන්වා තිබෙනවා. කොමිෂම අධිකරණයක් නොවේ. මන්ත්‍රීවරුන් කිසිවෙකු වරදකරුවන් ලෙස හඳුනාගෙන නෑ.''kiriella22

     

    '' අප වෙත පැනනගින ප්‍රශ්නය වනුයේ, විශේෂයෙන් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකතන වාර්තා රහසිගතව සටහන් කරන ලද්දේ කවරෙකුගේ උපදෙස් මතද සහ කවර අරමුණක් වෙනුවෙන්ද යන්නයි. තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම වැරදි සහගතය. තොරතුරු ලබාගැනීමට ප්‍රථම කතානායකවරයාගේ අවසරය ලබාගත යුතුය යන්න හැඟීමයි. මෙම ක්‍රියාවලිය අනුගමනය කර නැත. රහස්‍ය කටයුතු හෙළි කරන්න බෑ. ජනමාධ්‍ය විවිධ විකෘතිතා කරමින් පවතිනවා. පක්ෂ නායක රැස්වීමක් කැඳවා මෙම කරුණු විභාග කර සුදුසු පියවරක් ගන්නා'' ලෙස අමාත්‍යවරයා සඳහන් කළා.

     

    මේ අවස්ථාවේ දී සභාවේ උණුසුම් විවාදයක් ඇතිවුණා.ඒ අවස්ථාවේ දී කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ, මේ පිළිබඳව පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට කටයුතු කරන බව ය. මෙහිදී අඳහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කියා සිටියේ, මන්ත්‍රීවරු 225 දෙනා ගැනම වාර්තාවක් ලබාගන්නා ලෙසය.

     

    ඉන් අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත වැයශීර්ෂ විවාදය ආරම්භ වුණා. අධිකරණ අමාත්‍යාංශ වැයශීර්ෂය යටතේ කතා කළ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා කියා සිටියේ, අධිකරණ අමාත්‍යාංශය බොහෝ වෙනස්කම් වෙමින් නිසි පරිදි කටයුතු සිදුවන බව ප්‍රකාශ කළා.

     

    sambandan
    විවාදයාට එක් වූ විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා අඳහස් දක්වමින් කියා සිටියේ, එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත මතුවීමට අකමැති බවය. විපක්ෂනායකවරයා මෙහිදී අත්අඩංගුවේ පසුවන දෙමළ පුද්ගලයන් නිඳහස් කරගැනීම සම්බන්ධයෙන්  රජය මදිහත් විය යුතු බවට කරුණු ප්‍රකශ කළා.

    මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර වැඩපිළිවෙලකට ආ යුතු බව විපක්ෂනායකවරයා සඳහන් කළේ. මෙවැනි ප්‍රශ්න රටේ සහජීවනයට හොඳ නැති බවද ඔහු තවදුරටත් සඳහන් කළා.

     

    විවාදයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචර්ය ජයම්පති වික්‍රමනායක මහතා  අඳහස් දැක්වූවා. එහිදී අධිකාරණ විනිසුරුවරුන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවට අවධාරණය කළා.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මන්නප්පෙරුම මහතා සඳහන් කළේ, යහපාලන සංස්කෘතිය ඇතිකරගෙන යන බවත්  ප්‍රජාතන්ත්‍රවාදය සාධාරණත්වයට නිර්මාණය කළ යුතු බවත් යුක්තිය පසිඳලීම වැදගත් දෙයක් බවත් ය.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද  බැදුම්කර ගනුදෙනුව සම්බණ්ධයෙන් අවධානය යොමු කළා. එහිදී අල්ලස් දූෂණ චෝදනාවලට වෙනම අධිකරණයක් යෝජනා කිරීම ඉතා හොඳ දෙයක් බවද සඳහන් කළා.


    සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා වැයශීර්ෂ විවාදයට එක් වුණා. එහිදී ආයෝජන ක්ෂේත්‍ර නගා සිටුවීමට රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පහැදිළි කළා. මෙරට ව්‍යාපාර පරිසරය වැඩිදියුණු කිරීමට රජය කටයුතු කර තිබෙන බවත් නව ජාතික අපනයන ක්‍රමෝපායක් සකස් කිරීමට කටයුතු කරන බවත් පැවසුවා.malik

    ''සිංගප්පූරුව සමඟ නිදහස් වෙළඳ ගිවිසුම 2018 ජනවාරි මාසයේ අත්සන් කිරීමට නියමිතයි.  ලංකාවේ ආයෝජනය වර්ධනය වන මට්ටමක තිබෙනවා. විනිවිධභාවය යුතුව තීරණය ගෙන තිවෙනවා.අප ආයෝජන පහසුකම් සැකසීමේ කමිටුව මඟින් ආකර්ෂණය කරන වැඩපිළිවෙලක් සකස් කරනවා. 2018 දී සමාගම ලියාපදිංචි කිරීම එක් දිනකින් කරන්න කටයුතු කර තිබෙනවා. ඉදිකිරීම් බලපත්‍ර ලබාගැනීමේ කාලය අඩු කරනවා. ආර්ථිකය විවිධාංගිකරණය හා සේවා ඇති කිරීම වැදගත්වෙනවා.අප නව අපනයන හා ආයෝජන ක්ෂේත්‍ර වැඩිදියුණු කරන්න කටයුතු කරනවා  හ නව ජාතික අපනයන ක්‍රමෝපායක් සකස් කිරීමට කටයුතු කරනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවේ පිළිගැනීමට ලක්වීමට විවිධ ගිවිසුම්වලට ඇතුළත් වීමට අවස්ථාව ලැබී තිබෙනවා. ක්‍රියාකාරි සැලසුම් සෑම අංශයකට සකස් කර තිබෙනවා. ඕස්ට්‍රේලියාව සමඟ වෙලඳ හා ආයෝජන පිළිබඳව යම් යම් එකඟතාවලට පැමිණියා. මේ රටේ ජනතාව ජී.එස්.පී.ප්ලස් ලබාගැනීම භුක්තිවිදිනවා.නව ආර්ථික කර්මාන්ත ඇති කිරීමෙන් නව රැකියා අවස්ථා ඇති කිරීමට හැකියාව ලැබෙනවා.'' යැයි ප්‍රකාශ කළා.

     

     

    ''ආර්ථිකය ලෝකයට  විවෘතකළ යුතු බව'' ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා  පැවසුවා. ''එය අපි කරගෙන යනවා ''යැයි අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කළා.

    ''අපි ජනසවිය, මහපොළ, මහවැලිය ක්‍රියාත්මක කළා. අපි භාරගත්තේ ඇද වටුණු ආර්ථිකයක්. පොඩ්ඩක් දෙන්න කරන්න යැයි එහිදී නැඟී සිටි රාජ්‍ය අමාත්‍ය  සුජීව සේනසිංහ මහතා කියා සිටියා.

     

    අයවැය රටට සුවිශේෂයි කියා  ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්  බණ්ඩාර මහතා.''ආර්ථික මොඩලය අගමතිතුමාගේ වැඩසටහන් ඔස්සේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මිල්ලණිය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කරනවා. රටට බද්ධ වූ කර්මාන්ත ක්‍රියාත්මක වෙමින් යනවා.''

    '' බී. ඕ. අයි. එක සුබදායි ලෙස දකිනවා. අඩුපාඩු ඇති. සමස්ත නිලධරීන්ට එක් අයකුගේ වරදක් නිසා තලන්න එපා. මේ ආර්ථිකයේ මහමොළකරු අගමැතිතුමා.


    ''අගමැතිතුමා කොමිෂමට ගියා. අගමැතිතුමා පුටුවක් එපා කිව්වා. එතුමා පුරවැසියෙක් ලෙස ප්‍රශ්නවලට උත්තර දුන්නා. හිටපු ජනාධිපතිතුමා හිටියා නම් මොන උත්තර දෙයි ද? අනේ හාමුදුරුවනේ කියල කියයි. අගමැතිතුමා පැහැදිළිව ස්ථාවරය ප්‍රකාශ කළා. බොහොම එඩිතරව කොමිෂමට ඉදිරිපත්වෙලා නිර්දෝෂීභාවය පෙන්නුව. එදා පොළොන්ගු කෑවා. ආච්චිලා එස්සරහට දැම්මා. අපේ අගමැතිතුමා කවුරුත් ඉදිරියට දැම්මා. යහපලන ආණ්ඩුවේ අගමැතිතුමා උත්තර දීම ගැන සතුටු වෙනවා. අපි මෙහෙම රටක් හැදුවා කියලා. එදා කාන්තාවක් දූෂණය කළ තංගල්ලේ සභාපති සිද්ධිය කොහොමද වුණේ?   මඩ ගහන ගොඩාක් අයගේ දේවල් අපි දන්නවා.''

    ''එතුමා කළ ප්‍රකාශ, එතුමාගේ දැනුම  පෙන්නුවා. මෙහෙම නායකයෝ ඕන.  අගමැතිතුමා කළ පැහැදිළි කිරීම ගැන අද අපට සතුටුයි.''යැයි මන්ත්‍රීවරයා අගමැතිවරයා බැදුම්කර කොමිෂම  ඉදිරියට යෑම පිළිබඳව  සඳහන් කළා.


    විවාදයට එක් වූ ඒකාබන්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්ත් මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා විසින් නීතිපතිවරයා පක්ෂ කාර්යලවලට කඳවා ඇති බවට කළ ප්‍රකාශය,  අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය සම්පූර්ණයෙන් ම හෙළා දකිනු ලැබුවා. පක්ෂ කාර්යාලයකට හෝ තමන්ගේ නිවසටවත් ගෙන්වා නොමැති බවත්,පත්තරවල කුමක් තිබුණත් මෙය සම්පූර්ණ අසත්‍යයක් බව අමාත්‍යවරිය එහිදී දැඩිව ප්‍රකාශ කර සිටියා.

     

    sujeewa MP''වැටෙන රටක් අපි අල්ලාගත්තේ.බිලියන 2000ක් අපේ ණය පොළී වාරිකය. කිසිම එකකින් ආදායමක් නෑ.කොමිෂ් වලට යටවෙලා කොන්ක්‍රීට් කඳු ගැහුවා මිසක් රටේ ආදායම ගැන හිතුවේ නෑ'' යැයි විවාදයට එක් වූ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළා.

     

    ''යහපලනය වෙනුවෙන් අගමැතිතුමා කොමිෂමට ගියා. විශාල විපර්යාසයක් රටේ ඇති කළා.මේ වන්විට රටේ ජාතික ආර්ථික ප්‍රතිපතියක් කළා.එක ආයෝජකයෙකුගෙන් සල්ලි ඉල්ලා තියෙනවා නම්, එක චෝදනාවක් කරන්න. අපි ආවේ අපිට කරගන්න නොවේ.පක්ෂය වෙනුවෙන් බැදුම්කර නොවේ ඕන දෙයකට මුහුණ දෙනවා.මේ වසර තුන සම්පූර්ණ වනවිට විශාල සංවර්ධනයක් ජනතාවට පෙන්වනවා.''


    මෙහිදී විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා විසින් නීතිපතිවරයා බැදුම්කර කොමිෂමේ දී අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසීමට නීතිපතිවරයා සහභාගීවීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට දැඩිව ප්‍රකාශයක් කළ අධිකරණ ඇමැතිනී තලතා අතුකොරළ මහත්මිය,''  නීතිපති කොමිෂමට නීතිපතිතුමා සහභාගී වුණේ ජනාධිපති කොමිෂමේ සභාපතිවරයගේ ලිඛිත අරාධනාවක් අනුව ''යැයි කියා සිටියා.

    ''මඩ ප්‍රචාර කරනවා. අපේ ආණ්ඩුව එහෙම නෑ.ඔය ප්‍රකාශය ඉල්ලා අස්කරගන්න''

     

    මෙහිදී සභාවේ සංවාදයක් ඇතිවුණා.

    පිළිතුරු දීමට නැඟී සිටි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ,අග්‍රාමත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසීම නීතිපතිවරයා විසින් කිරීම සම්ප්‍රදායක්. අගමැතිතුමා අද ගත්ත පියවර ශ්‍රේෂ්ඨ පියවරක්.එය රටට ආදර්ශයක්.

     

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බන්ඩාරිගොඩ මහතා- අගවිනිසසුරුවරිය එලවාගත්තේ මේ අය. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා-එදා අල්ලස් කොමිෂමට හිටපු ජනාධිපති යනකොට මේ අය උද්ඝෝෂණය කළා.

     

    ඇමැතිනී තලතා අතුකෝරළ  මහත්මිය - අගවිනිසුරුවරයා ගැන කියලා තියෙනව නම් එය ඉවත් කරන්න.

     

    එන් අනතුරුව වැයශීර්ෂ විවාදයට එක් වෙමින් විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අඳහස් දැක්වීය.''

    ''වෙළඳාම අවසාන වශයෙන් අහසෙන් කඩා වෙටෙන එකක් නොවේ. එයට අපේ පිහිටීම වැදගත්. මම වරායක් හදුවට වරදක් කියන්නේ නෑ. ඒවා අවශ්‍යයි. අපි වරායන් අංක එකට ගේන්න ඕන. මේවා අපේ රටට ධනය ගේන උල්පත් විය යුතුයි. '' යැයි අමාත්‍යවරයා සඳහන් කළා.


    විවාදයට එක් වූ අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතා,''නොතාරිස් ආඥා පනත් කෙටුම්පත සංශෝධනය කරගෙන යනවා. අපරාධයක වගකිම දරන අවම වයස ගැන සාකච්ඡා කරනවා.නීති ආධාර අංශ අප ශක්තිමත්
    කරගෙන යනවා.නීතිපති දෙපාර්තමේන්තුව අතුළු ආයතන කාර්යක්ෂම කිරීම අධිකරණ අමාත්‍යාංශයේ වගකීමක් බව පැවසුවා.

     

    විවාදයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චනක මහතා කෝප් කමිටුවේ මන්ත්‍රීවරු කීපදෙනෙකුගේ දුරකතන සංවාද පිළිබඳව ප්‍රකාශයක් කළේ ය. රජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අතර එහිදී සභාවේ උණුසුම් සංවදයක් ඇති වුණා.
    එහිදී අඳහස් දැක් වූ අමාත්‍යවරයා,  කෝප් කමිටුවේ ඉන්නකොට දැනුමක් ලබාගන්න කතා කළාම වැරැද්දක් තියෙනව ද? බොරු චෝදනා කරන්න එපා යැයි පැවසුවා.


    අධිකරණ අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අඳහස් දැක්වූවා.talata


    ''සිවිල් නඩු විධිවිධාන සංග්‍රහයේ වෙනස්කම් සම්බන්ධයෙන් කමිටු පත් කර තිබෙනවා. ඉදිරියේ දී කමිටු වාර්තා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගන්න බලාපොරොත්තු වෙනවා.විනිසුරුවරුන්ගේ නීතිපති දෙපාර්තමේන්තුවේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඉන්නේ එකම මතයක. අවුරුදු 10ක වැටුප් වැඩිවීමක් වී නෑ. අවශ්‍ය පූර්ණ අනුමැතිය අගමැතිතුමාගේ කබිනට් අනුමතිය ලැබී තිබෙනවා. 2018 ජනවාරි සිට කටයුතු සාර්ථක කරගන්න හැකි වෙයි කියලා. ''

    ''විනිසුරුවරු පාලනය කිරීම අධිකරණ අමාත්‍යාංශයට බාර කටයුත්තක් නොවේ. එයට අධිකරණ සේවා කොමිෂන් සභාව තිබෙනවා. ''

    ''මේ වනවිට 19 සංශෝධනය් යටතේ පත් කළ  ස්වාධීන කොමිෂන් සභාවල කටයුතු ස්වාධීනව සිදු වෙනව. අද කෝප් කමිටුව සම්බන්ධයෙන් රටේ දෙවැනි පුරවැසියා ලෙස අගමැතිතුමා කොමිෂම හමුවට ගියා. ස්වාධීනව අයිතිය ආරක්ෂා කරන්න වාතාවරනය තියෙනවා.ඉතිහාසය සමඟ බලන කොට රට විශාල පරිවර්තනයකට ලක් වෙලා තියෙනවා. '' අධිකරණ ක්ෂේත්‍රය තුළ නඩු ප්‍රමාදය ගැන මතයක් තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව ගැන චෝදනා කරනකොට හිතුවේ නෑ, හිටපු ජනාධිපතිතුමා යටතේ මේ දෙපාර්තමේන්තුව තිබුණේ, කියලා. නීතිපති දෙපාර්තමේන්තුවට අලුතින් නිලධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙනවා. නීතිපතිතුමා සිරිකොතට ගෙනාව කියලා සිසිර මන්ත්‍රීතුමා කිව්වා. ගිය මාසේ 07 වැනිදා පත්‍රිකාවක් ඉදිරිපත් කළා,දූෂණ කටයුතු සම්බන්ධයෙන් අධිකරණ තුනක් යෝජනා කළා. මෙතැන සිරිකොතට නීතිපති ගෙනාවා කියලා, මේ මඩ ගහන එක නවත්වන්න ඕන. ගම්වල අහිංසක මිනිසුන්ගේ කාලය ශ්‍රමය හා මුදල ඉවරයි නඩු ප්‍රමාදය නිස. අලුතින් උසාවි සංඛ්‍යාව වැඩි කරන්න ඕන. නව විනිසුරුවරු බඳවා ගැනීමට කටයුතු කළ යුතුයි. එදා අධිකරණය හෑල්ලු කළේ හිටපු අගවිනිසුරුවරිය ගෙදර ඇරලා. අපි එසේ කරන්න සූදානම් නෑ.

     

    පාර්ලිමේන්තුව හෙට (21) යළි රැස්වෙයි.

     

     

    ප්‍රභාත් රත්නායක

    පාර්ලිමේන්තුවේ සිට..

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya