නොවැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බියෙන් සැකෙන් තොර නිදහස් රාජ්‍යයක් ගොඩ නගන බවට ජනපතිගෙන් සහතිකයක්

    නොවැම්බර් 21, 2024

    බියෙන් සැකෙන් තොර නිදහස් රාජ්‍යයක් ගොඩ නගන බවට  සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.   නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (21) පාර්ලිමේන්තුවේදී මේ බව  සඳහන් කළේය.

    නැවත මෙරට ජාතිවාදී දේශපාලනයට හිස එසවීමට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් අවධාරණය කළේය.

    යහපත් පුරවැසියන්, යහපත් ආකල්ප සහිත පොදු ජනතාවක් බිහිකළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර, ඒ සඳහා Clean Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක කරන බවද පැවසීය. 

    පාසල් පොත්  මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දීමට සහ අස්වැසුම සුබසාධක දීමනාව වැඩි කිරීමට කටයුතු කරනබවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ආබාධිත පුද්ගලයින් රැකබලා ගැනීම සඳහා විශේෂ දීමනාවක් ලබා දෙන බවත් ආණ්ඩුව සියලු පුද්ගලයින් රැක බලා ගන්නා ආණ්ඩුවක වගකීම ඉටුකරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya