සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස මහතා විසින් නියෝජ්‍ය කථානායකවරයාගේ නම යෝජනා කළ අතර කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි අමාත්‍යවරිය එම යෝජනාව ස්ථිර කරන ලදී.
දස වන පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා පත් කළ අතර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධාවක ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්කර බව කථානායක අශෝක රංවල මහතා නිවේදනය කළේය.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිධූරය සඳහා හේමාලි වීරසේකර මහත්මිය පත් වූ අතර , අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා එම නම යෝජනා කළ අතර ස්ථිර කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මියයි.