නොවැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රම බලකාය ක්‍රියාවලියේදී ඇමතිවරයා ලෙස මමද එක් ශ්‍රමිකයෙක් - කම්කරු අමාත්‍ය

    නොවැම්බර් 20, 2024

    ආර්ථික ක්‍රියාවලියේදී ශ්‍රම බලකාය තුළ අමාත්‍යවරයා ලෙස තමා ද  තවත් එක් ශ්‍රමිකයකු පමණක් බවත්, සෑම පුද්ගලයකුම ඒ බව තේරුම් ගෙන කටයුතු කිරීමෙන් ශක්තිමත් ඵලදායී ශ්‍රම බලකායක් පිළිබඳව වන රජයේ අපේක්ෂාව ඉටුකර ගත හැකි බවත් කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. 

    කම්කරු අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    සියලු පුද්ගලයින් ශ්‍රමයේ කොටස්කරුවන් වන බවත් මානව සම්පත සමග ශ්‍රමය නිසිලෙස දියුණු කර පාවිච්චි කිරීමෙන් රට කඩිනමින් සංවර්ධනය කර ගැනීමේ හැකියාව පවතින බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    අමාත්‍යාංශයේ විෂය පථයට අදාලව  ජනතාව එදිනෙදා මුහුණ දෙන  ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම කෙරෙහි තමා වැඩි අවධානයක් යොමු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    මෙවර පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අමාත්‍ය අනිල් ජයන්ත මහතා සිය මූලික අධ්‍යාපනය ගම්පහ - දිවුලපිටිය ආඬිමුල්ල ප්‍රාථමික විදුහලෙන් ද ද්විතීයික අධ්‍යාපනය හය වෙනි පාවුළු පාප් මහා විද්‍යාලයෙන් ද හදාරා ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ විශේෂ වාණිජවේදී පළමු පන්ති සාමාර්ථයක් සහිත උපාධිධරයෙකු වන අමාත්‍යවරයා  වෘත්තියෙන් වරලත් ගණකාධිකාරිවරයෙකු මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් ද වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya