පසුගිය මහා මැතිවරණයේ දී කෑගල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ නායකයා ලෙස ඉදිරිපත් වූ වෛද්‍ය ධම්මික පටබැඳි මහතා මනාප 186,409 ක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත්විය.
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරා කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත්ව ඒ මහතා වෛද්‍ය උපාධිය ලබා වසර කිහිපයක් වෛද්‍යවරයෙකු ලෙස සේවය කළේය.
අනතුරුව වෛද්‍ය වෘත්තියට සමු දී ජනතා විමුක්ති පෙරමුණේ පුර්ණකාලීන සේවයට ස්වේච්ඡාවෙන් කැප වී දේශපාලනයට පිවිස කටයුතු කළේය. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව ද නියෝජනය කරනු ලබන ඒ මහතා ජාතික විධායක සභිකයෙකු ලෙස සහ කෑගල්ල සංවිධායකවරයා ද වේ.