මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අයවැය

    (වීඩියෝ)  "පොදු අපේක්ෂකයා ලෙස හිටපු ලේකම්වරයාත් තවත් කිහිප දෙනෙක් අප අතහැර ගියත් තුනෙන් දෙකේ ඡන්දය සමඟ, එනම් වැඩි ඡන්ද 152කින් 2015 අයවැය සම්මත වීම සුවිශේෂී සිදුවීමක්. මෙය ජනතාවාදී අයවැයක්. එය ක්‍රියාවට නැංවීමේ දී සියලු ක්ෂේත්‍රවලට වරප්‍රසාද හා හිමිකම් ලැබෙන අයවැයක් ලෙස සඳහන් කරන්නට පුළුවන් යැයි" ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) ජනාධිපතිතුමාගේ විශිෂ්ට දේශපාලන නායකත්වය නිසා ත්‍රස්තවාදය අතුගා දමන්නට හැකි වූ බවත් රටේ පැවති සාමකාමී වාතාරණය නිසා දළ දේශීය නිෂ්පාදිතය වැඩි කරලීමට හැකි වූ අතර මේ ලබා ගත් ආර්ථික ජයග්‍රහණවල පූර්ණ ගරුත්වය ජනාධිපතිතුමාට හිමි විය යුතු බවත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) ජනාධිපතිවරණය සඳහා එජාපයට ඉදිරිපත් කිරීමට අපේක්ෂකයෙකු නොමැති වීම ගැන කනගාටු වන බවත් ඩී.ඇස්. සේනානායක මහතා හැදූ මේ පක්ෂයට අපේක්ෂකයකු ඉදිරිපත් කරගත නොහැකිව රටක් පාලනය කරන්නේ කොහොමද? යන්නත් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ප්‍රශ්න කරයි.

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ)  චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පාක්ෂිකයන් මහ දවල් රවටා තිබෙන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) නිදහසින් පසු වැඩි ම ආර්ථික වර්ධනයක් ලබා ගන්නට අපිට හැකි වී තිබෙන බවත් අභ්‍යන්තර ආර්ථිකයට අනතුරක් නොවන ලෙසට ණය ගෙවීම් සිදු කරන බවත් මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පැවසීය.

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණේ මේ රටේ වාසනාවට බවත් අධිරාජ්‍ය විරෝධී බලවේගවලට මුහුණ දිය හැකි පරිදි ශක්තිමත් ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය ශක්තිමත් වුණේ ජාතික බලවේග සියල්ල ඒකරාශී කර ගත් නිසා බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    2015 විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීමෙන් ආණ්ඩු පක්ෂය වැඩි ඡන්ද 95කින් ජයග්‍රහණය කළේ ය.

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ)  ජාත්‍යන්තර බලවේග හමුවේ නොසැලී මුහුණ දෙමින් රට සංවර්ධනය කරා ගෙන ගියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බව වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය විජිතමුණි සොයිසා මහතා අද (24) පැවසීය.

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ)  මේ අයවැය රාජ්‍ය සේවකයා, පදික වේදිකාවේ වෙළෙඳාම් කරන අහිංසක ව්‍යාපාරිකයාගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා සහන සලසන, රට සංවර්ධනය සඳහා ඉදිරිපත් කරන ලද අය-වැයක් බවත් එය සම්මත වන දිනය අද බවත් වරාය හා නාවුක කටයුතු ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

    වසර 30ක යුද්ධය අවසන් කර වසර 06ක් ඉක්ම ගොස් සංවර්ධනයේ වෙනස්කම් තුළින් මධ්‍ය ආදායම් ලබන රටක් බවට මේ රට පත්ව ඇති බව සාම්ප්‍රදායික කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya