මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික ජයග්‍රහණවල පූර්ණ ගරුත්වය ජනාධිපතිතුමාට හිමි විය යුතුයි

    නොවැම්බර් 24, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) ජනාධිපතිතුමාගේ විශිෂ්ට දේශපාලන නායකත්වය නිසා ත්‍රස්තවාදය අතුගා දමන්නට හැකි වූ බවත් රටේ පැවති සාමකාමී වාතාරණය නිසා දළ දේශීය නිෂ්පාදිතය වැඩි කරලීමට හැකි වූ අතර මේ ලබා ගත් ආර්ථික ජයග්‍රහණවල පූර්ණ ගරුත්වය ජනාධිපතිතුමාට හිමි විය යුතු බවත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ අවසන් දින විවාදයට එක්වෙමිනි.

    අද මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ 102, 237, 252, 280, 296, 323, 324 හා 329 වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

    අයවැය විවාදය දින කිහිපයක් පුරා සාකච්ඡා කළා. විවාදයට සහභාගී වී අදහස් පළ කළ සියලු දෙනාට ස්තූති කරනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වූ දා සිට ම එජාපය ඇතුළු විපක්ෂය ආණ්ඩුව, ආර්ථිකය වැටෙයි කියා සිහින මැව්වා. මේ දේ අද වන තුරු සිදු වුණේ නැහැ. මෙය විපක්ෂය කියන සම්ප්‍රදායක් පමණයි. ජාතික ආර්ථිකය විනාශ කරමින් දේශීය නිෂ්පාදන මංපෙත් අහුරුවාලමින් පැවති යුද්ධයට විශාල මුදලක් අපිට වැය කරන්නට වුණා. මේ තත්ත්වය නැති කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බව ඔහු අවධාරණය කළේය.

    2005ට පෙර ආර්ථික වර්ධනය 2.5%යි. අද වන විට එය 7.5% දක්වා වැඩි වී තිබෙනවා. උද්ධමනය 5%ට අඩු වෙලා. අධ්‍යාපනය, සෞඛ්‍ය, සුබසාධනය සඳහා කරන ආයෝජන අපි වැඩි කර තිබෙනවා. අයවැයෙන් අපි ඇස්තමේන්තු කළ මුදල් ප්‍රමාණය අපිට සොයා ගත හැකියි. රටේ ආරක්ෂක වියදම් අඩුකර තිබෙනවා. රටේ ආරක්ෂක වියදම් අඩු කර තිබෙනවා. අප පහළ පන්තියේ සිට ඉහළට ඔසවා තැබූ ජනතාවයි අපට වැදගත් බවත් අප ජනතාව සමඟ බද්ධ වී කටයුතු කරන බවත් ඔහු කීය.

    එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ජන්ම දිනය දා අලුත් රජයක් ඇතිකරන බව රවි කරුණානායක මහතා ප්‍රකාශ කළා. මේ රටේ නිදහස් පාක්ෂිකයන් එජාප රජයක් ඇති කිරීමට ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්කිරීමට ඉඩ තබන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  බළල් අතකින් මේ රටේ බලය ඇති කරන්නට ඉඩ තබන්නේ නැහැ. අපේ රටේ ජනතාව ගොනාට අන්දවන්නට බැහැ. උදේ ඉර පායනවා හා සමානව ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීම විශ්වාසයි. ගුණමකු මිනිසුන් කිහිපදෙනෙකු සිටියත් අපගේ ජනතාව ගුණගරුක ජාතියත්. බණ්ඩාරනායක මහතාගේ පුතා අනුර බණ්ඩාරනායක මහතාත් ශ්‍රීලනීපය හැර ගියා නමුත් පක්ෂය විනාශ වුණේ නැතැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya