අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහසින් පසු වැඩි ම ආර්ථික වර්ධනයක්

    නොවැම්බර් 24, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) නිදහසින් පසු වැඩි ම ආර්ථික වර්ධනයක් ලබා ගන්නට අපිට හැකි වී තිබෙන බවත් අභ්‍යන්තර ආර්ථිකයට අනතුරක් නොවන ලෙසට ණය ගෙවීම් සිදු කරන බවත් මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ අවසන් දින විවාදයට එක්වෙමිනි.

    අද මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ 102, 237, 252, 280, 296, 323, 324 හා 329 වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

    අද රටේ විනිමය සංචිතය වැඩි වී තිබෙනවා. විදේශ ණය ලෙස ලැබූ ඒවා වුණත් එය අපිට ශක්තියක්. අභ්‍යන්තර යුද්ධයක් තිබියදී ලෝක ආර්ථික අවපාතයක් අපිට සිදු වුණ නිසා සහෝදර රටවල්වල සහය ලබා ගන්නට සිදු වුණා. ඒ අනුව චීනයේ සහය ලබා ගත්තා යැයි ඔහු කීය.

    ආසියානු ආර්ථිකය මෙහෙයවන්නේ ආසියානු රටවල් 21ක් එකතු වී ආරම්භ කළ බැංකුවේ අපි සාමාජික රටක්. ලෝක ආර්ථික බිඳවැටීම් හමුවේ අපිට නොසැළී සිටිය හැකියි. ලෝකයේ ප්‍රධාන ම පාරිභෝගිකයා මෙන් ම නිෂ්පාදකයාත් චීනයයි. රාජ්‍ය ආයතන 6ක් පමණයි අද පාඩු ලබන්නේ. පොදු ව්‍යාපාර දෙපාර්තමේන්තුව පාඩු ලබන ආයතන ගැන සොයා බලමින් ඔවුන් නගාසිටුවනවා. නිදහසින් පසුව රාජ්‍ය ආයතනවල පවතින දුර්වලතා මඟහරවමින් සිටින බවත් එය මුදල් අමාත්‍යාංශය සිදු කළ හොඳ කාර්යභාරයක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya