සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදාව මඟින් මඩකළපුව ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් පවත්වයි

    ජූලි 26, 2024

    ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් මඩකලපුව ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් පසුගිය දා (25) වන දින සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

    නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාව මඟින් සංවිධානය කල මෙම වැඩසටහන මඩකලපුව  කිරිමිච්චයිඔඩායි දමිල විද්‍යාලය, මතුරන්කර්නිකුලම් දමිල විද්‍යාලය සහ වාකරේ කොකුවිල් දමිල විද්‍යාලයේ දරුවන්ගේ යහපත් මුඛ සෞඛ්‍ය දැනුම වර්දනය කිරීම වෙනුවෙන් පවත්වන ලද අතර, දරුවන් එක්සිය පනස් හයක (156) පමණ පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහන තුළ දන්ත සායන පැවැත්වීම ද සිදු කෙරිණි.

    මෙම ජංගම වෛද්‍ය සේවාව සඳහා සහභාගී වූ පාසල් දූ දරුවන් සහ ගුරුභවතුන් වෙත නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සහ යුනිලීවර් සමාගමේ අනුග්‍රහක දායකත්වයෙන් ත්‍යාග පිරිනැමීම ද සිදු කෙරිණි.

    එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ඒඑල්ජීසීඑන් සුමේධ, කපිතාන් දන්ත වෛද්‍ය සේවා දෙපාර්තමේන්තුව (නැගෙනහිර) කපිතාන් (ශල්‍ය වෛද්‍ය) ආරියවංශ හේරත්, මුහුදු ආදිවාසීන්ගේ ගම්මානයේ ප්‍රධානියා වන වේලායුදන් සහ නාවික හමුදා නිලධාරින් පිරිසක් සහභාගී වී සිටියහ.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya