නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන රජයෙන් නිවාස 1996 ලබාදීමේ ව්‍යාපෘතියේ පරිපූරක ගිවිසුමට අත්සන් තැබේ

    නොවැම්බර් 22, 2024

    අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්වය නගා සිටුවීමේ අරමුණින් චීන රජයේ චීන යුවාන් මිලියන 552 ක මූල්‍ය ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන නිවාස 1,888 ක් හා ප්‍රවීන කලාකරුවන් සදහා නිවාස 108 ක් වන නිවාස ව්‍යාපෘතියේ පරිපූරක ගිවිසුම් අත්සන් තැබීම අද (22) දින බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේදී සිදුවිණි.

    පෑලියගොඩ, දෙමටගොඩ, මොරටුව, මහරගම මෙම නිවාස ව්‍යාපෘති ඉදිවෙන අතර ප්‍රවීන කලාකරුවන්ගේ නිවාස ව්‍යාපෘති ඉදිවන්නේ කොට්ටාව ප්‍රදේශයේය. මෙම මසදී ඉදිකිරීම් ආරම්භ වන මෙම නිවාස ව්‍යාපෘතිය වසර තුනකදී නිමකිරීමට නියමිතයි.

    මෙම ගිවිසුමට අත්සන් කිරීමට නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා සහ ශ්‍රී ලංකා චීන තානාපති කිවූ සෙන්හෝන් (Qi Zhenhong) මහතා සහභාගී විය.

    මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණීජ කටයුතු භාර උපදේශක ටන් යනාඩි (Tang Yandi) මහතා හා චීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ව්‍යාපෘති වාස්තු විද්‍යා නිර්මාණ උපදේශකයන්ද එක්වුහ.

    නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා, අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු එල්. බී. කුමුදුලාල් මහතා හා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya