ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය පිළිබඳ ඊයේ(21) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුව අතරතුරේදී.
"ලංකාව පන්දු රැකීම අතින් හොඳම ස්ථානයක සිටි කණ්ඩායමක්. ඒ තැනට ගේන්න අපි තමයි මහන්සි වෙන්නේ. එතෙන්දී අපි ගොඩක් වැඩ කරනවා පන්දු රැකීම දියුණු කරන්න. ඒකට උපුල් චන්දන ලොකු කැපකිරීමක් කරලා තියෙනවා ක්‍රීඩකයෝ එක්ක. අනික් සහාය පුහුණුකරුවනුත් ඔහුට ඒ සහයෝගය දෙනවා. තාම මග එන ගමන් තියෙන්නේ තාම ඇවිල්ලා නෑ. මම ආස කරන තැනට තාම ඇවිල්ලා නෑ, හැබැයි එතෙන්ට අපි වැඩ කරනවා" ජයසූරිය මහතා සඳහන් කළේය.