නොවැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ උත්තරීතර ආයතනය ලෙස පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය සහ ගෞරවය ආරක්ෂාකරගැනීමට කටයුතු කරනවා - කථානායක

    නොවැම්බර් 21, 2024

    රටේ උත්තරීතරම ආයතනයක් ලෙස පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය, ගෞරවය ආරක්ෂා කරමින් කටයුතු කිරීමට කැපවන බව කථානායක ආචාර්ය අශෝක රන්වල මහතා පැවසීය.

    කථානායක ධුරයට තමා පත් කිරීම සම්බන්ධයෙන්  අද (11) පාර්ලිමේන්තුවේදී ස්තූතිය පළ කරමින්  කථානායකවරයා  මේ බව පැවසීය. 

    පාර්ලිමේන්තු සම්ර්‍පදායන් හා පිළිවෙත් අනුව ආදර්ශවත් පාර්ලිමේන්තුවක් සඳහා කටයුතු කරන බවත් ඒ සඳහා සියලු පාර්ශවයන්ගේ සහය අපෙක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය. එසේම රටේ ජනතාව අපේක්ෂා කරන නව දේශපාලන සංස්කෘතියක් සහිතව පාර්ලිමේන්තු ක්‍රියාවලිය වඩාත් ඵලදායිව ක්‍රියාත්මක කිරීමට උපරිම කැපවන බවත් කථානායකවරයා සඳහන් කළේය. තවද පාර්ලිමේන්තු කාරක සභා යාන්ත්‍රණය වඩාත් විධිමත්  කිරිීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සියලු දෙනාගේ සහය අපේක්ෂා කරන බවත් පැවසූ   කථානායකවරයා පාර්ලිමේන්තු කටයුතුවලදී ආදර්ශවත් ලෙස සහ  විනයානුකූලව දායකත්වය ලබා දෙන ලෙසත් වැඩිදුරටත් සියලු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya