නොවැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු තොරතුරු කවුළුව සාර්ථකව අවසන් වෙයි

    නොවැම්බර් 21, 2024

    දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට අවශ්‍ය  පහසුකම් සැලසීම වෙනුවෙන් 2024.11.19 සහ 20 දෙදින පැවති  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තොරතුරු කවුළුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සාර්ථකව අවසන් විය.

    මෙම අවස්ථාවට පළමුවරට පාර්ලිමේන්තුවට තේරි පත්වූ මන්ත්‍රීවරයන් ඇතුළුව මන්ත්‍රීවරයන් 200 කට වැඩි පිරිසක් සහභාගී වූහ.

    එහිදී සියලුම මන්ත්‍රීවරයන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු සහ ලිපිලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළව ඇඟිලි සළකුණු ලබා ගැනීම ඇතුළු කටයුතු සිදුවිය.

    මේ අතර දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීමට අදාළව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) අදාළ තොරතුරු ඇතුළත් කිරීමේ පහසුකම ද මෙවර සළසාදී තිබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya