සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වර්ණ පුරවර ජාතික සම්මාන උළෙල 2024

    ජූලි 27, 2024

    පළාත් පාලන ආයතන ඇගයිම සඳහා ස්වර්ණ පුරවර ජාතික සම්මාන උළෙල 2024 වැඩසටහන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා (25) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    මෙහිදී ප්‍රථම ස්ථානය වෙනුවෙන් රන් සම්මාන අනුරාධපුර මහ නගර සභාව, වැල්වැටිතුරෙෙ නගර සභාව සහ ගල්නෑව ප්‍රාදේශිය සභාව හිමිකර ගත් අතර රිදි සම්මාන සඳහා කල්මුණේ මහා නගර සභාව,වවුනියාව නගර සභාව, වලිකාමම් උතුර ප්‍රාදේශිය සභාව තේරී පත්විය.

    කඩුවෙල මහා නගර සභාව, එරාවුර් නගර සභාව හා වවුනියාව දකුණ දමිළ ප්‍රාදේශිය සභා සදහා ලෝකඩ සම්මාන පිරිනමන ලදි.

    අවසන්වරට 2016 වර්ෂයේදි පවත්වන ලද මෙම වැඩසටහන වසර 8කට පසුව 2024 වර්ෂයේදි පැවැත්විමට අවස්ථාව උදාවී ඇත.ලංකාව පුරා ඇති පළාත් පාලන ආයතන 341 , මහ නගර සභා 24,නගර සභා 41,ප්‍රාදේශීය සභා 276 මෙම වැඩසටහනට ඇතුලත් කර ඇත.

    පළාත් පාලන ආයතන හරහා සිදුකරනු ලබන සුවිශේෂී සේවාවන් ජනතාව වෙතට යොමු කිරිමේදි එම ආයතනයනිහි කාර්යක්ෂමතාව හා වගකිම කුමන ආකාරයට සිදු කර ඇතිද යන්න අගයමින් මෙම ස්වර්ණ පුරවර සම්මානය පිරිනමනු ලබයි.

    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් වන රොෂාන් ගුණතිලක මහතා ,නසීර් අහමඩ් මහතා, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, අශෝක ප්‍රියන්ත, ඩී.බී හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් වීරසේකර, සමන් ප්‍රිය හේරත්, යදාමිණී ගුණවර්ධන, අජිත් රාජපක්ෂ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, පළාත් පාලන ආයතන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya