මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති නායකත්වයෙන් යුද්ධයට මුහුණ දුන් ප්‍රදේශවලත් සංවර්ධනය සමබරව සිදු කරනවා

    නොවැම්බර් 24, 2014

    වසර 30ක යුද්ධය අවසන් කර වසර 06ක් ඉක්ම ගොස් සංවර්ධනයේ වෙනස්කම් තුළින් මධ්‍ය ආදායම් ලබන රටක් බවට මේ රට පත්ව ඇති බව සාම්ප්‍රදායික කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ අවසන් දින විවාදයට එක්වෙමිනි.

    අද මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ 102, 237, 252, 280, 296, 323, 324 හා 329 ශීර්ෂයන් ද විවාදයට ගැනේ.

    2015 වසර සඳහා මුදල් වෙන් කිරීම ගැන සාකච්ඡා කිරීමට මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් උතුරු පළාතේ මහ ඇමතිවරයාට කතා කළ ද එතුමා අවධානය යොමු කළේ නැහැ. අපේ රටේ සාමය ඇති කිරීම ගැන ජනාධිපතිතුමාට ස්තූති කළ යුතුයි. එතුමාගේ අරමුණු සාක්සාත් කරන්න මේ අඛණ්ඩ පැවැත්ම අවශ්‍යයි. මහින්ද චින්තන ප්‍රතිපත්ති ඉටුකරන්න කරන ලද සැලසුම් ක්‍රියාත්මක කරන්න මේ ස්ථාවරත්වය අවශය බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ආර්ථික ප්‍රතිලාභ බෙදීයාමේ ප්‍රතිශතය 40%කි. ඒකපුද්ගල ආදායම වැඩිවීමේ ප්‍රතිශතයක් පවතී. අනෙකුත් කලාපීය රටවලට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් ඒකපුද්ගල ආදායමේ සිදු වේ. ආර්ථික වර්ධනවේගය 8%ක් මුල් කාලයේ තිබුණා. යටිතල පහසුකම් සමබර ව සංවර්ධනය වෙමින් පවතී. උතුරු නැගෙනහිර ප්‍රශස්ත වර්ධනයක් සිදු වන අතර දරිද්‍රතාව පහළ ගොස් සහශ්‍ර සංවර්ධන ඉලක්ක කරා මේ රට යමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.

    ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහාත් යුද්ධයට මුහුණ දුන් අන් ප්‍රදේශවලත් සංවර්ධන කටයුතු සමබරව සිදු කරමින් පවතී. ටී.එන්.ඒ. පක්ෂය සාමාන්‍ය ජනතාව දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya