සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස්පති ධුරයේ ගැටලුවලට විසඳුම් ලබාදීම ව්‍යවස්ථාදායක සභාවට පැවරෙන කාර්යක් - සභානායක, අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

    ජූලි 26, 2024

    පොලිස්පති ධුරය සම්බන්ධයෙන් පවතින ගැටලුවට විසඳුම් ලබාදීම ව්‍යවස්ථාදායක සභාවට පැවරෙන කාර්යක් බව සභානායක, අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 

    පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති අතුරු නියෝගය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් සභානායකවරයා මේ බව කියා සිටියේය.

     වැඩිදුරටත් අදහස් දක්වමින් සභානායකවරයා මෙසේ පැවසීය,

    “සභානායකවරයෙක් ඉන්නේ සභාවේ කටයුතුවලට  සහාය දෙන්න. ඒක තමයි මම මේ කරන්න හදන්නේ. බලතල බෙදීමේ න්‍යාය මම පැහැදිලි කළා. ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානියා කතානායකවරයා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උපලේඛනයේ සඳහන් තනතුරුවලට ජනාධිපතිවරයා නම් කර එවන නම තහවුරු කරන්නේ ව්‍යවස්ථාදායක සභාවෙන්. නඩුවක තීන්දු ගැන කතා කරන්න පුළුවන්. එහෙම නොවේ නම් අපට නීතිය ඉගෙන ගන්නත් බැහැ. නීතිය උගන්නන්නත් බැහැ. පොලිස්පතිවරයා ක්‍රියාත්මක වීම නවත්වන අතුරු නියෝගයක් දෙනවා. එතකොට පොලිස්පති ධුරය හිස් වෙලාද. එම ධුරය ක්‍රියාත්මක වීම නවත්වන්න ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන්. ඒක දීලා තිබෙනවා.

    126 වගන්තිය අනුවත් එය හරි. නීතිඥයෙක් විදියට මාත්  එකඟ වෙනවා. ධුරය හිස් නොකර ක්‍රියාත්මක වීම තමයි නවත්වලා තිබෙන්නේ. ධුරය හිස්  කරන එකට නියෝගයක් දෙන්න පුළුවන්ද. ඒක අපි තර්කයක් විදියට ගත් විට විධායකයේ කොටසක් නම් ඒක කරලා තිබෙන්නේ පත්වීම, පත්වීම කළ ආයතනයට ගොස් ඒක නැවත හැරවිය යුතුයි. එතැනින් එහාට පාර්ලිමේන්තුවට කාර්යභාරයක් පැවරෙනවා, මේ ක්‍රියාදාමය හැටියට. මේ නියෝගය විදියට පොලිස්පති ධුරය හිස් වෙලා ද නැද්ද කියන ප්‍රශ්නය තිබෙනවා. ධුරයක් හිස් වෙලා නැත්නම් වැඩ බලන පත් කිරීමක් කරන්නේ  කොහොමද. ධුරයක කෙනෙක් සිටියදී තවත් කෙනෙක් වැඩ බැලීමට පත් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය එනවා. ව්‍යවස්ථාදායක සභාවට මම කියන්නේ මේ ප්‍රශ්නය නැවත කතානායකවරයාට යොමු කළ යුතුයි." යනුවෙනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya