ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුඛ පිළිකාව පරදවමු - දැනුවත් වී ආරක්ෂා වෙමු

    ජූලි 27, 2024

    “ලෝක හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනය” ජූලි 27 එනම් අදට යෙදී ඇත. මුඛ සහ ගෙල පිළිකා සම්බන්ධයෙන් කතා කිරීමේදී ශ්‍රී ලංකාවේ ඉතාම වැදගත් වන්නේ මුඛ පිළිකාවයි. වසර ගණනාවක සිට මෙරට පිරිමින් අතර බහුලම පිළිකාව මුඛ පිළිකාව වන අතර කාන්තාවන් අතර හටගන්නා පිළිකා අතර මුල් 10ට එනම් 08 වන ස්ථානයට මුඛ පිළිකාව ඇතුළත් වනවා.

    පිළිකාව යන වචනය පවා මිනිසුන් ඇසීමට එතරම් ප්‍රිය වචනයක් නොවන්නේ එම රෝගයේ ඇති බරපතලකම නිසාමයි. මිනිස් සිරුරක වේගයෙන් ගුණනය වන අනවශ්‍ය සෛල එකතුවක් බොහෝ අවස්ථා වල පිළිකාවක් ලෙස මිනිස් ජීවිත කෙටි කරනවා.

    බොහෝ පිළිකා කල්තියා හඳුනාගැනීමෙන් වළක්වාගැනීමේ හැකියාවක් පවතිනවා. මුඛ පිළිකාවද ඒ යටතට ගැනෙනවා. අද අපි හඳුනාගන්නා මුඛ පිළිකා වලින් බහුතරය හඳුනාගන්නේ එම පිළිකා තත්ත්වය දරුණු තත්ත්වයකට වර්ධනය වීමෙන් පසුවයි. සරල මුඛ පරීක්ෂණයක් සිදුකිරීමෙන් මුඛ පිළිකාවක් සෑදීමේ අවධානම කල්තියා හඳුනාගත හැකි වන අතරම එලෙස හඳුනාගැනීමෙන් එය දරුණු පිළිකා තත්ත්වයකට යාමට නොදී වළක්වා ගැනීමට පුළුවන්. ස්වයං මුඛ පරීක්ෂාවක් හෝ සායනික මුඛ පරීක්ෂාවක් මගින් මුඛ පිළිකා හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා.

    මෙවර ලෝක හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනයේ තේමාව “මුඛ පිළිකා ගැන දැනුවත් වෙමු - නිරෝගී වෙමු” යන්නයි.

    මෙම මුඛ පිළිකාව සෑදීමට වඩාත්ම වැදගත් හේතුව ලෙස අප සංස්කෘතියෙහි පුරුද්දක් වශයෙන් පැවත එන බුලත් විට සැපීම, මාවා වැනි සපන දුම්කොළ භාවිතය, පුවක් ආශ්‍රිත නිෂ්පාදන සැපීම, දුම්බීම සහ මත් වතුර පානය දැක්විය හැකියි.

    මේ වන විට දිනකට මුඛ පිළිකා ආශ්‍රිත මරණ 03ක් පමණ අප රටින් වාර්තා වෙනවා. අවධානම් අවස්ථා කලින් හඳුනා ගැනීම, අවදානම් සාධක වලින් ඉවත් වීම සහ නිසි ප්‍රතිකා වලට අනුගත වීම තුළින් පිළිකා ප්‍රතිකාරය සාර්ථක කරගත හැකියි.

    එසේනම් තවදුරටත් අවධානමට අත වනනවාද? නැතිනම් අවධානමෙන් දුරස් වෙනවාද? තීරණය ඔබ සතුයි. දැනුවත්වී ආරක්ෂා වෙමු. මුඛ පිළිකාව පරදවමු.

    විශේෂාංගයට කරුණු පසුගියදා (24) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුව ඇසුරෙනි.

     

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya