ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක මස්තිෂ්ක දිනය අදයි... මොළයේ සුවතාවයට ඉඩක් දෙමු...

    ජූලි 17, 2024

    මිනිසුන් ලෙස අපි ශරීරයේ විවිධ අංග සහ අවයවවල සුවතාවය ගැන සැලකිළිමත් වෙනවා... එහෙත් අපට ඉතාම වැදගත් අංගයක් පිළිබඳව අපි නිසි සැලකිල්ලක් ලබාදෙනවාද? අපගේ ශරීරයේ සියලු ක්‍රියාකාරීත්වයට උවමනා වෙන එහෙත් අපි එතරම් සැලකිල්ලක් නොදෙන දෙය තමයි මොළය..

    මොළයේ සුවතාවය ගැන ඔබ සිතනවාද? බොහෝ දෙනෙකුගේ පිළිතුර වන්නේ නැහැ යන්නයි.. එසේනම් අපි අද සිට ඒ පිළිබඳව සැලකිලිමත් වෙමු..

    ලෝක මස්තිෂ්ක දිනය අදයි.. මෙවර ලෝක මස්තිෂ්ක දිනය ජූලි මස 17ට එනම් අදට යෙදී තිබෙනවා. මෙවර ලෝක මස්තිෂ්ක දිනයේ තේමාව මොළයේ සුවතාවය සහ නිවාරණය යන්නයි.. මොළයේ සුවතාවය යන්න වසර පහක පමණ සිට එන නවීන සංකල්පයක්.

    අපගේ ශරීරයේ බොහෝ දේවල්වල පාලකයා ලෙස ක්‍රියා කරන්නේ මොළයයි. එනම් චාලක ක්‍රියාකාරකම්, සිතීමේ ක්‍රියාකාරකම්, සංවේදනය, දෘෂ්ටිය ආදී සියලු දේවල්වල පාලකයා ලෙස මොළය කටයුතු කරනවා. මොළ දණ්ඩ නැමති ස්ථානයෙන් ආහාර ගිලීම, හුස්ම ගැනීම ආදී දේවල්වල පාලනයක් සිදුකරනවා.

    මොළයේ සුවතාවය පිළිබඳ අවධානය යොමු කරන විට බුද්ධි මට්ටම, සංවේදනය, සමාජීය සම්බන්ධතාවයන්, අපගේ ක්‍රියාකාරීත්වය වැනි දේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතුයි. මොළයේ සුවතාවයෙන් ශරීර සුවතාවය පාලනය වන අතරම යහපත් අන්තර් සම්බන්ධතා පවත්වා ගැනීමටත්, සමාජයේ යහපැවැත්මටත් මෙය විශේෂයෙන් බලපානවා.
    යම් යම් සිදුවීම් හේතුවෙන් මොළයේ ව්‍යූහාත්මකව සහ ක්‍රියාකාරීත්වයේ වෙනස්වීම් සිදුවිය හැකියි. මොළයේ සුවතාවය අපි පවත්වාගන්නේ කෙසේද? ඒ සඳහා අපි සාමාන්‍යෙයන් එදිනෙදා කරන දේවල්වල වෙනස්කම් ස්වල්පයක් සිදුකළහොත් එය පහසුවෙන් කරගත හැකි වෙනවා.

    මොළයේ සුවතාවය පවත්වා ගැනීමට මොළය සංවර්ධන ක්‍රියාකාරකම් උපයෝගී කරගත හැකියි. පසල්ස් භාවිතය, චෙස් ක්‍රීඩාව, පේන්ටින්, යම් පමණකට වීඩියෝ ගේම් ආදිය මේ සදහා උදවු වෙනවා. මෙම මනස උත්තේජනය වන ක්‍රියාකාරකම් මගින් මොළයේ ලේ ගමනාගමනය හොඳින් එනම් වැඩි වශයෙන් සිදුවෙනවා මෙන්ම මොළයේ සෛලවල දියුණුවක්ද ඇති වෙනවා. එමෙන්ම භෞතික ව්‍යායාමද මොළයේ සුවතාවයට වැදගත් වෙනවා.

    සමබල ආහාර වේලක් ගැනීමත් මොළයේ සුවතාවයට අත්‍යවශ්‍යයි..කෘතිම ආහාරවලින් වැළකී ස්වභාවික ආහාර වලට හුරුවීම ඉතාම වැදගත් වෙනවා. මත්ද්‍රව්‍ය මත්පැන් සහ දුම් පානයෙන් තොරවීමද මොළයේ සුවතාවය සුරකිනවා. දිනකට පැය 5ක් හෝ 6ක් පමණ බාධාවකින් තොර හොඳ නින්දක් ලැබීම මොළයේ වර්ධනයටද උපකාරී වනවා.

    මනස සැහැල්ලු වන ක්‍රියාකාරකම්ද මානසික සුවතාවයට ඉතාම වැදගත්. ආගමික වශයෙන් ගත්කළ භාවනාවද මෙයට හොඳ උදාහරණයක්.. වර්තමානයේ තාක්ෂණික අතික්‍රමණයත් සමග බොහෝ දෙනා අතින් ගිලිහීගොස් ඇති දෙයක් වශයෙන් අන්තර් සමාජීය සම්බන්ධතා පෙන්වාදිය හැකියි.. මේවාද මොළයේ සුවතාවයට මහෝපකාරී වනවා.. යහපත් අන්තර් සමාජීය සම්බන්ධතා තම පවුල තුළින් අරඹමින් අසල්වාසීන්, හිතමිත්‍රාදීන් දක්වා ගොඩනගාගැනීමෙන් මොළයේ සුවතාවයට ශක්තිමත් පදනමක් සැකසෙකනවා.

    ඉහත සියල්ල අපට හරිම ලේසියෙන් ළඟාකරගත හැකි දේවල්.. එම සියලුදේ ගොඩනගාගැනීමෙන් අපගේ වැදගත්ම අංගයක් වන මොළයේ සුවතාවය නොදැනීම වර්ධනය කරගන්න පුළුවන්.. එසේනම් අද පටන් මොළය ගැනත් හිතමු. මොළයේ සුවතාවය ගැන සැලකිළිමත් වෙමු.

    විශේෂාංගය සඳහා කරුණු අද (2024.07.17) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුව ඇසුරෙනි.


    -- සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර

     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya