ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික් දහම් පාසල් සිසු නිපුණතා ඇගයේ

    ඔක්තෝබර් 18, 2024

    මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසය නියෝජනය කරමින් දහම් පාසල් තරග ජයග්‍රහණය කරන ලද සිසු සිසුවියන්ගේ නිපුණතා ඇගයීම මාතර දිස්ත්‍රික් ලේකම්/දිසාපති ගනේෂ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර සාන්ත තෝමස් කුමර විද්‍යාලයේ දී පැවැත්විණි.

    මෙහි දී මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී ලෙස දීර්ඝ කාලයක් සේවය කළ ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ විහාරාධිපති දර්ශනපති පූජ්‍ය පරදුව ජිනරතන ස්වාමීන් වහන්සේට උපහාර පිදීමක් ද සිදු කරන ලදි.

    මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් පැවති මෙම වැඩසටහන සඳහා ශ්‍යාමෝපාලි මහානිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ අනුනායක ශාස්ත්‍රපති පූජ්‍ය ඕමාරේ කස්සප අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, දහම් පාසල් සිසු සිසුවියන්, ප්‍රාදේශීය ලේකම්වරු, මාතර දිස්ත්‍රික්කයේ බෞද්ධ කටයුතු නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, දහම් පාසල් ගුරුභවතුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya