ගුරුත්ව වශයෙන් හෙක්ටයාර 5523 ක් හා උස්සාන වශයෙන් හෙක්ටයාර 1600 ක වගා කටයුතු සිදුකෙරෙන රාජාංගනය ව්‍යාපාරයේ ඉදිරි මහ කන්නය පිළිබඳව සාකච්ඡා කිරීමේ කන්න රැස්වීම පසුගියදා පැවැත්විණි.
ඒ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගේ හා කුරුණෑගල, පුත්තලම යන දිස්ත්‍රික්කයන් හි දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. රාජාංගනය ව්‍යාපාරයේ විශේෂත්වය වන්නේ කිසිදු ජල ගැටලුවකින් තොරව යල මහ කන්නයන් මෙන්ම අතරමැදි කන්නයක ද වගා කටයුතු සිදුකිරිම යි.