ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙළඳාම සඳහා ආහාර නිපදවනන් ආහාරයේ පිරිසිදුකම සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න

    ඔක්තෝබර් 16, 2024

    වෙළඳාම සඳහා මෙන්ම වැඩි දෙනෙකුගේ පරිභෝජනය සඳහා ආහාර නිපදවන බොහෝ දෙනෙක් ආහාරයේ ස්වස්ථතාවයට එනම් ආහාරයේ පිරිසිදුභාවයට දක්වන සැලකිල්ල අවම වන නමුත් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජනරාල් මහතා පවසයි.

    නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ අද (16) සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
    ආහාර පරිහරණ ආයතන නිසි ලෙස පවත්වාගෙන නොයාම ආහාර පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව පෙන්වාදුන් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජනරාල් මහතා වැඩිදුරටත් පැවසුවේ පරිභෝජනය සඳහා ආහාර නිපදවන කුඩා වෙළඳසැල් වලද මෙම ආහාර ස්වස්ථතාවය සම්බන්ධයෙන් බොහෝ ගැටලු ඇති බවයි.
    මෙහිදී අදාල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ උපදෙස් ලබාගැනීම හා ඒවා පිළිපැදීම වැදගත් බවද පෙන්වාදුන් විශේෂඥ වෛද්‍යවරයා ආහාර පරිශ්‍ර පිරිසිදුව තබාගත යුතු යැයිද, ඒ සඳහා පවතින ගැටලු පිළිබඳව අවශ්‍ය උපදෙස් ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් ලබාගත යුතු යැයිද පෙන්වා දුන්නේය.
    ආහාර නිපදවන පරිශ්‍රෙය් පිරිසිදුකම සැලකීමේදී පරිශ්‍රෙය් මැස්සන් නැතිවිය යුතු යැයිද, මීයන් වැනි සතුන් ඇතුලු වීම වළක්වාගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබිය යුතු බවද අවධාරණය කළේය. ආහාර නිපදවීමට ගන්නා අමුද්‍රව්‍ය පිරිසිදු විය යුතු බවද, පිරිසිදු ජල මූලාශ්‍රයක් තිබිය යුතු යැයිද භාවිතා කරන අමුද්‍රව්‍ය නියමිත ප්‍රමිතීන් වල පැවතිය යුතු යැයිද පෙන්වා දුන්නේය.
    ආහාර නිෂ්පාදන ආයතන වල කාර්යමණ්ඩලයට ආහාර ස්වස්ථතාවය සහ පරිහරණය සම්බන්ධයෙන් මූලික පුහුණුවක් තිබිය යුතු යැයිද පිරිසිදුව ආහාර නිපදවීම මෙන්ම ආහාර පිරිනැමීම, ගබඩා කිරීම, කොපමණ වේලාවක් ගබඩා කර තැබිය හැකිද, ඉක්මණින් නරක් වන ආහාර මොනවාද ශීතකරණයක තැබිය යුතු ආහාර මොනවාද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද සඳහන් කළේය.
    එමෙන්ම අපද්‍රව්‍ය කළමනාකරණය, අපජලය නියමාකාරයෙන් බැහැර කිරීම ආදී කටයුතු සියල්ලක්ම නිර්දේශ පරිදි සුදුසු ප්‍රමිතියෙන් තිබිය යුතු බවද වැඩිදුරටත් පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya