ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔළුකරද විද්‍යාලයේ මල් සැකසුම පිලිබදව පුහුණුවක්

    ඔක්තෝබර් 18, 2024

    පාසල් ළමුන් හා ගුරුවරුන්, දෙමාපියන් සදහා ස්භාවික මල් වගාකිරීමේ ප්‍රයෝගික පුහුණුවක් කැකිරාව අ/ඹළුකරද මහා විද්‍යාලයේ දි පසුගිය දා පැවැත්විණි. අනුරාධපුර දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධිකාරක එච්.එම්. අබේරත්න මහතාගේ ප්‍රධාණත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක විය.

    රාජ්‍ය නොවන සංවිධානයක් වන Lanka Sekai Kithsu ආයතනය විසින් වැඩ සටහන සංවිධානයකර පැවැත්වීය. ළමයින් හා ගුරුවරුන්, දෙමාපියන් සදහා ඔවුන්ගේ මානසික සුවතාවය නැන්වීම මුලික කරගෙන හා ආර්ථික ආර්ථික ප්‍රතිලාභ ලැබිමේ කාර්යයන්ට යොමු කිරිම මෙම වැඩසටහනේ අරමුණයි.

    මෙම වැඩ සටහන ඔස්සේ මල් වර්ග හදුනාගැනිම, සැරසිලි ක්‍රම ආදි ක්‍රියාකාරකම් සිදු කල අතර දරුවන් ඇතුලු පිරිස මහත් උද්යෝගයෙන් මෙ සදහා සහ සම්බන්ධ වූහ.

    Lanka Sekai Kithsu ආයතනයේ පළාත් සම්බන්ධීකාරක සමීර මහතා, ඔළුකරද විද්‍යාලයේ  විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, ගුරුවරුන් හා දෙමාපියන් ඇතුලු පිරිසක් මීට  සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya