ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංක්‍රාන්ති යුක්තිය පිළිබදව අනුරාධපුර රාජ්‍ය නිලධාරීන් පිරිසක් දැනුවත් කෙරේ

    ඔක්තෝබර් 18, 2024

    සංක්‍රාන්ති යුත්තිය පිළිබදව රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පසුගිය දා (15)  පැවැත්විණි.

    ජාතික සාම මණ්ඩලය විසින් පැවත්වු මෙම වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්  ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර නිලධාරි ඒ. එල්. එම්. රස්මි මහතා විසින් සංවිධානය කර තිබිණි.

    ආතතීන් ඇතිවිම වැලැක්විම සදහා අන්තර්කරණය, එසේම මෙම පණිවිඩය මහජනයා වෙත ගෙන යෑම, සංක්‍රාන්ති යුත්තිය යනු කුමක්ද, වගවිම, වගකීම ආදි කරුණු පිළිබදව මෙහි දි සාකච්ඡා කරන ලදි. එසේම සමාජයේ මධ්‍ය ප්‍රවාහයේ සීතිමේ හා ආකල්පයමය වෙනස රටක් සංවර්ධය කිරිමට හා එකමුතුකම වර්ධනයට අවශ්‍යම බව මෙහි දි සාකච්ඡා විය. 

    විශේෂයෙන් සංක්‍රාන්තික යුක්තිය පිළිබද දැනුවත් කිරිම, මෙම පණිවිඩය සමාජගත කිරිම සදහා මධ්‍යස්ථ හා මේ හා එකගනොවන පිරිස් දැනුවත් කිරිම වැදගත් වේ. මේ තුලින් සහකම්පනය ඇතිකල යුතු වෙයි. තවද ජාතික සාම මණ්ඩලය විසින් අතුරුදන් වුවන් පිළිබද ග්‍රන්ථයක් එලි දැක්විමට අදහස් කරන බවත් සදහන් විය. වින්දිතයන් ඉලක්කකර උපදේශණ සේවා සැපයිම, ආගමික නායකයින් සමග සාක්ච්ඡා කිරිම තුලින් සමාජ මතයක් ගොඩ නැගිම හරහා යුත්තිය ඉටුවිය යුතු පුස්ගලයින් හට එය ඉටුකිරිම භෞතිකව හා මානසිකව සිදු කිරිම අරමුණ බව ද වැඩිදුරටත් මෙහි දී අනාවරණ කළේ ය.

    වැඩසටහන සදහා සම්පත්දායකත්වය වෙනුවෙන් ජාති සාම මණ්ඩලයේ වැඩසටහන් උපදේශිකා නිතිඥ එස්.ඩබ්. පෙරේරා මහත්මිය හා නිතිඥ එන්. විජේකාන්තන් මහතා සම්බන්ධ වුහ.

    සංක්‍රාන්තික යුක්තිය රාජ්‍ය නිලධාරින් සදහා වු දිස්ත්‍රික් මට්ටමේ වැඩ සටහන සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් ශාමිලා වික්‍රමආරච්චි මහත්මිය ඇතුලු දිස්ත්‍රික් නිලධාරින්, ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු පරිපාලන ග්‍රාමනිලධාරින් හා ප්‍රාදේශිය ජාතික එකාබද්ධතා නිලධාරින් ඇතුලු පිරිසක් එක් වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya