ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ගතට සිසිලක් ලබන්නට සිතට සුවයක් දැනෙන්නට නිරෝගී දිවියකට ආවඩා සුරතින්ම ඉන්දමු ලියතුරැ සොබනා”

    ජූනි 05, 2024

    ජගත් පරිසර දිනය සෑම වසරකම පාහේ පරිසරයට තෑගි බෝග ලබා දෙමින් අතිඋත්කර්ශයෙන් සමරනු ලබයි. මෙවර පරිසර දිනය ජුනි මස  05 වන දිනට යෙදී තිබෙයි. 1972 ජුනි මස 05 වන දින සිට 16 වන දින දක්වා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවති මානව පරිසර සුරැකිම පිළිබදව එක්සත් ජාතීන්ගේ සමුළුවේ සමාරම්භක දිනය සනිටුහන් කිරීම සදහා සෑම වසරකම ජුනි මස 05 වන දින ජගත් පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

    ඇළ දොළ, ගංගා, වැව් අමුණු වනාන්තර තෙත්බිම් මහ සයුර  මේ සියල්ලම  පරිසරයයි. පරිසරය සුරැකීම පරිසරය සංවර්ධනය කිරීම පිළිබදව අදාල පියවර ගැනීමට පරිසර දිනයම එළබිය යුතු නැත.මන්ද මානව දිවිපෙවතම රැදීතිබෙන්නේ පරිසරය මත නිසාවෙනි.නිතී රීති තුලින් පරිසරය ආරක්ෂා කිරීමට පියවර ගන්නවාට වඩා පුද්ගල ආකල්ප තුලින්ම වෙනසක්  ඇති කරගනිමින් පරිසරය ආරක්ෂා කර ගැනිමට පෙළඹිම වඩාත් සුදුසු බව පරිසර රාජ්‍ය ජානක වක්කුඹුර මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියා.

    “Land Restoration, Desertification Resilience” ඵලදායි භූමි පරිහරනයෙන් සුවදායි දෙරණක් යන්න මෙවර පරිසර දිනයේ ‌‌තේමාවයි. පරිසර දිනයට මූ සමගාමීව පරිසර සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර පරිසරදින ජාතික  වැඩසටහන නිමිත්තෙන් පැල දසලක්ශයක් රෝපණය කෙරෙන අතර පරිසර හිතකාමී වැඩසටහන් ගනණාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

    මෙවර පරිසර දිනයට සමගාමීව රුක් රෝපණය කිරීම් රට පුරා පැවැත්විය යුතු බවත් සෑම නිවසකම සෑම රාජ්‍ය ආයතනයකම පැලයක් සිටුවීම වගකීමක් කර ගත යුතු බව  පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කර සිටියා. එසේ පැල රෝපණය කිරීමේ අවශ්‍යතාවය මතු වී තිබෙන්නේ නියගය හා කාන්තාරකරණය වර්ථමානය වන විට ප්‍රභල පාරිසරික ගැටලුවක් බවට පත්ව තිබෙන නිසාවෙනි.

    පොලිතීන් නිසාවෙන් පරිසරයට  අති මහත් විනාශයක් සිදුවන බව නොරහසක්. ඒ වෙනුවෙන් විවිධ නිතී රිතී මාලාවක්ද ඉදිරිපත් කර තිබේ. එම නිතී කිසිවක් ලිහිල් කිරිමේ අදහසක්ද රජය සතුව නොමැත. එමෙන්ම පුරවැසියන් වන අප සියලුදෙනාගේ වගකීමක් වශයෙන් පරිසරය ආරක්ෂා කර ගත යුතුවේ.ඒ වෙනුවෙන් ස්වයං වාරණයක් තිබිය යුතුය.

      ගසක් ඉන්දමු හුස්ම රැකගමු හෙටක් වෙනුවෙන් අපිත් එක්වෙමු   

     

    J.K.V.ජයනි මධුශිකා

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya