ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව පලමු විස්සයි-20 තරඟාවලි ජය වර්තා කරයි

    ඔක්තෝබර් 18, 2024

    සත්කාරක ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තීරණාත්මක පන්දුවාර විස්සයි-20 අවසන් තරඟයෙන් කඩුලු 9 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(17) සමත් විය.

    ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 162 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ හා වනිඳු හසරංග කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වූහ.

    තරඟයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18 ක් තුළ එක් කඩුල්ලක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත් විය. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 39 ක් හා කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 68 ක් හා කුසල් ජතිත් පෙරේරා ලකුණු 55 ක් ලබා ගත්තා.

    ‍ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    විස්සයි-20 තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව තරගාවලි ජයක් වර්තා කරන ලද පළමු තරගාවලිය ලෙසින් මෙම තරගාවලිය ඉතිහාස ගත විය. මෙම තරගාවලියට පෙර දෙරට අතර විස්සයි-20 තරගාවලි 3 ක් පවත්වා ඇතත් එම තරගාවලි ත්‍රිත්වයම ජය ගැනීමට කොදෙව්වෝ සමත්වී තිබුණි.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya