ඔක්තෝබර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පලමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්

    ඔක්තෝබර් 21, 2024

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර ඊයේ(20) පැවති පලමු එක්දින තරඟය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

    තරඟයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර වර්ෂාව හේතුවෙන් තරඟය නතර කරන විට පන්දුවාර 39 ක් තුළ කඩුලු 4ක් දැවී ලකුණු 185 ක් සිටියා.

    ඒ හේතුවෙන් වර්ෂාවෙන් පසුව තරඟය පන්දුවාර 37 කට සීමා කරමින් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 232 ක්.

    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 32 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක චරිත් අසලංක ලකුණු 77 ක් හා මෙම තරඟයේදී එක්දින වරම් හිමිකරගත් නිෂාන් මදුෂ්ක ලකුණු 69 ක් ලබා ගැනීමට සමත් විය.

    ඒ අනුව තරග 3 කින් යුත් එක්දින තරගාවලිය මේ වන විට 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් ඇත.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya