ඔක්තෝබර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ගමන් බලපත් ලබාගැනීමට ඉදිරියේදී කිසිඳු ගැටලුවක් ඇති වන්නේ නැහැ - අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත් හේරත් මහතා

    ඔක්තෝබර් 22, 2024

    විදේශ ගමන් බලපත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී කිසිදු ගැටලුවක් ඇති නොවන බවත්, මේ සතිය අවසන් වනවිට ගමන්බලපත්‍ර පෝලිම් අවසන් කරන බවත්, අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


    පාස්පෝට් ප්‍රශ්නය ගිය ආණ්ඩුව ඇති කළ ප්‍රශ්නයක් බවත්, පැවති වීසා ගැටලුවට රජය පැය 24න් විසඳුම් ලබා දුන් අතර පාස්පෝට් ගැටලුවට මේ වන විට විසඳුම් ලබාදුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.
    “පාස්පෝට් 7500ක් පසුගිය සෙනසුරාදා ලංකාවට ආවා. හෙට (23) දිනයේදී තවත් පාස්පෝට් 42,000ගණනක් ලංකාවට එනවා. එම නිසා ජනතාව කලබල වෙලා පාස්පෝට් ගන්න දුවගෙන එන්න අවශ්‍ය නැහැ. නොවැම්බර් මාසය මැද වන විට තවත් පාස්පෝට් පොත් ලක්ෂයක් ගෙන්වනවා.
    එමනිසා ජනතාව හදිසියේ පාස්පෝට් ගන්න කලබල වෙන්න ඕන නැහැ. මේක ආයේ නැතිවෙයි කියලා ජනතාව කලබල වෙනවා . නැති වෙන්නේ නැහැ. පාස්පෝට් 750,000ක් කොටස් වශයෙන් ගෙන්වනවා. පාස්පෝට් ප්‍රශ්නයත් දින 27ක්, 28 ක් ගතවන විට අපි විසඳනවා.”

    ඩිජිටල්කරණය සඳහා වෙනම අමාත්‍යංශයක් පිහිටුවීමේ සැලැස්මක්
    ඩිජිටල්කරණය සඳහා වෙනම අමාත්‍යංශයක් පිහිටුවීමේ සැලැස්මක් ඇතැයි අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත් හේරත් මහතා පැවසීය.
    අද(22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යෙව්දීයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් එක්කරගනිමින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
    ඩිජිටල් අමාත්‍යංශය පිහිටු වන්නේද මෙම අරමුණ සහිතව බව කියා සිටි කැබිනට් ප්‍රකාශකවරයා,
    ප්‍රධාන අරමුණු කිහිපයක් අනුව මෙම ඩිජිටල් අමාත්‍යාංශ පිහිටුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා රාජ්‍ය සේවයේ බොහෝ සේවා සැපයීම් ඩිජිටල්කරණයට ලක් කිරීමට අවශ්‍ය බව ද පැවසීය.
    මෙම අමාත්‍යංශය හරහා එම කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන බවත්, එවිට රාජ්‍ය ආයතනවල සිදුවන බොහෝ වංචා දූෂණ වැළැක්වීමට අවස්ථාව ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya