අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (03) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දීය.
ජාතිවාදය ඉස්මතු වි ලේ වැගිරීම් සිදුවන ගැටුමක් බවට පත් වීමට ඉඩ නොදි මේ මොහෝතේදී මේ පැන නගින ජාතිවාදය මුලුමනින්ම පරාජය කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ පුරවැසියාට වග වන නව නීතියන් ගෙන ඒමට සුදානම් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
නමුත් නව නීති ගෙන ආ සැනින් ජාතිවාදය පරාජය කිරීමට නොහැකි බවත් පෝලිසීය විමර්ෂණය කරමින් ඒක් එක් පවතින නීති යටතේ නඩු ගොනු කිරීමට සිදුවන බවද පැවසු අමාත්‍යවරයා,රටේ ජාතික සමගිය කඩාකප්පල් කර තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කිරීමට සූදානම් වන්නන් සඳහා ඉඩක් නොමැති බව ද වැඩිදුරටත් පැවසීය.