දෙසැම්බර් 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට තුළ ජාතික නිෂ්පාදන ආර්ථිකයක් ගැන ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව තිබෙනවා

    දෙසැම්බර් 03, 2024

    රට තුළ ජාතික නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීම, සම්බන්ධයෙන් ජනාධිපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව දක්වා ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  විසින් 2024 නොවැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව අද පැවති විවාදයට එක්වෙමින්  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මේ වන විට ජාතික ආර්ථීකය කඩා වැටී  ඇති බවත්, පසුගිය රජයන් ගත්  වැරදි ප්‍රතිපත්ති ඊට හේතු වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එය වෙනස් කිරීම සඳහා ජනවරමක් ලබාදී තිබෙන අතර ඒ වෙනස රජය ඇති කරන බව ද  පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    “අපව විවේඡනය කරන්න ඔබට අයිතියක් තිබෙනවා. නමුත් එම විවේඡනය අතිෂය සාධාරණ විය යුතුයි. 

    ඔබ ලබා දුන් ජනවරම අනුව කටයුතු කරන්නේ නැත්නම් හෝ මෙම අමාත්‍යවරු දූෂිත නම් ඒ සම්බන්ධයෙන් ඔබ ප්‍රශ්න කරන්න. මෙතන ඉන්න බහුතරයක් දෙනා ස්වේච්ජාවෙන් කටයුතු කරන අය. මෙතන ඉන්න බහුතරයක් දෙනා ආචාර්ය සහ මහාචාර්යවරුන්.

    පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය රැකීමට සියලු දෙනා එක්ව කටයුතු කරමු” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya