සමස්ත රාජ්‍ය සේවය තුළම කිසිදු සැළසුමක් නැතිව විටින් විට බඳවා ගත් සියලුම කණ්ඩායම්හි ගැටලුවලට විසඳුම් සේවීම සඳහා කටයුතු කරන බවත් ඒ් සඳහා රජය මැදිහත් වන බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
වැඩිදුරටත් අදහස දක්වමින් අමාත්‍යවරිය මෙසේ පැවසුවාය.
“සංවර්ධන නිලධාරින්ට පෙර ආණ්ඩුවලින් අසාධාරණයක් වී තිබෙනවා. කිසිසේත්ම ඔවුන්ගේ විරෝධයට එරෙහිව අපි පොලීසිය යෙදෙව්වේ නැහැ. එම අවස්ථාවේ එතන ඇති වූ තත්වය සමග පොලීසිය ගත් ක්‍රියාමාර්ගයක් තිබුණා. ඒය කිසිසේත්ම උද්ඝෝෂණය මර්ධනය කිරීමට ගත් ක්‍රියාමාර්ගයක් නොවේ.”