ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2024 නොවැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව අද පැවති විවාදයට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය
ආර්ථික අර්බුදය නිසා වැඩිපුරම පීඩාවට පත් වුණේ පාසල් දරුවන්. 2023 සිදුකළ සමීක්ෂණයකින් ආර්ථික අර්බුදය නිසා දරුවන්ගෙන් 55%කට බලපෑමක් ඇතිවී තිබෙන බව හෙළි වී තිබෙනවා. මේ තමයි අපේ රටේ අනාගතය. ආර්ථික අර්බුදය නිසා දරුවන්ගේ හැකියාවන් මොට නොකළ යුතුයි. එම නිසා ලබන වසරේ පාසල් වාරයේ සිට අස්වැසුම හිමි පවුල් වල දරුවන්ට රු 6000ක දීමනාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා. අපි මේ දරුවන් කිසිවෙක් අත් හරින්නේ නැහැ.