දෙසැම්බර් 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දී හස්ත කර්මාන්ත විෂයට සුවිශේෂී තැනක්

    දෙසැම්බර් 04, 2024

    නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණවලදී හස්ත කර්මාන්ත විෂය සඳහා සුවිශේෂී අවස්ථාවක් ලබාදීමට අවදානය යොමුවී ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර  මහාචාර්ය සරත් අභයකෝන් මහතා පවසයි.

    ලබන වර්ෂයේදී මෙම ප්‍රතිසංස්කරණ සිදුකිරීමට රජය අපේක්ෂා කරන බවත් එහිදී ප්‍රායෝගිකත්වයට මුල් තැන හිමිවන ප්‍රතිසංස්කරණය සිදුවන බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

    ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ඊයේ (03) පැවැති මධ්‍යම පළාතේ හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා සම්මාන හා මූල්‍ය ප්‍රදාන සිදු කෙරෙන ශිල්ප අභීමානී සහ චක්‍රවර්තී උපහාර උළෙලට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිනි.

    පාරම්පරික හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ට කුසලතා දැක්වූ කර්මාන්ත ශිල්පීන් සහ ජීවිතයේ එක්වරක් පිදෙන චක්‍රවර්තී සම්මාන කර්මාන්තකරුවන් හත් දෙනෙකු සඳහා ප්‍රදානය කිරීම මෙහිදී සිදුවිය.

    ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන චක්‍රවර්තී සම්මාන පරම්පරික හා නූතන අංශ යන දෙවර්ගය යටතේ පිරිනැමුණු අතර පාරම්පරික අංශය යටතේ සේසත් සඳහා ගාමිණී විජේසූරිය, ලක්ෂා අංශය යටතේ ජගත් විජේරත්න සහ රිදී පිත්තල කැටයම් යන ක්ෂේත්‍රයෙන් ගාමිණී ප්‍රේමසිංහ යන මහත්වරුන් සම්මාන ලැබීය. 

    නූතන අංශය යටතේ රන් රිදී ආභරණ ක්ෂේත්‍රයෙන් කේ.කුමාරිහාමී, රූකඩ ක්ෂේත්‍රයෙන් උදය ශාන්ත සහ රන් රිදී කැටයම් ක්ෂේත්‍රයෙන් එල්.දයාරත්න යන මහත්ම මහත්මීන් චක්‍රවර්තී සම්මානයෙන් පිදුම් ලදහ.

    - මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya