දෙසැම්බර් 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා තත්ත්වය තුළ අහිමි වූ ජීවිත වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල් වැඩි කිරීමට කැබිනට් සංදේශයක්

    දෙසැම්බර් 04, 2024

    ආපදා තත්ත්වය තුළ අහිමි වූ ජීවිත වෙනුවෙන් ලබාදෙන වන්දි මුදල් වැඩි කිරීම සඳහා කැබිනට් සංදේශයක් යොමු කර ඇති බවත් , එම මුදල මිලියනය දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසීය. 

     

    පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වී ඇති ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ  විවාදය අවසන් කරමින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    ආපදා කළමනකරණයේ අඩුපාඩු රාශියක් ඇති බවත් ඉදිරියේදී ඒවා කළමනාකරණය කිරීම සඳහා ජාතික ආපදා කවුන්සිලය කැඳවා ඒ සඳහා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    ඒ සඳහා ජාතික මට්ටමේ සිට බිම් මට්ටම දක්වා ඇති ආයතන සමග සම්බන්ධ වී ඉදිරියේදී එම කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ජාතික ආපදා කළමනාකරණ ව්‍යහුහට අවශ්‍ය සංශෝධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය වැනි සියලුම අංශ සමග සම්බන්ධ වී එම කටයුතු සිදු කරන බව ද වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya