ඒ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ එරංග වීරරත්න මහතා,
අපි මේ රටේ ගැටලුවලට ක්‍රමානුකූලව විසඳුම් දෙන්න පියවර ගන්නවා. මේ රටේ ICTA එක පාරටම වහන්න සැලසුම්කර තිබෙනවා. ඒක මේ රටේ ඉතාම වැදගත් ආයතනයක් වෙනවා. මේ ආයතනය එක පාරටම වහන්න උත්සාහ කළා. නමුත් ඒකට හරි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. නමුත් අපි මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.
තාක්ෂණික අමාත්‍යාංශය යටතේ ආයතන කිහිපයක් තිබෙනවා. එක් අරමුණක් වෙනුවෙන් අපි කටයුතු කළයුතු වෙනවා. මේ සියලුම එක් ප්‍රතිපත්තියකට අනුව කටයුතු කරන තැනට ගමන් කරනවා. උපාධිධාරීන් 30,000 ක් පමණ රැකියා නොමැතිව ඉන්නවා. ඒ සියලු දෙනාටම රැකියා ලබාදෙන්න පියවර ගන්නවා. ඉලක්කගත වැඩපිලිවෙලකට අපේ රජය කටයුතු කරනවා. ඩිජිටල් කර්මාන්තය සම්බන්ධයෙන් අපි ඩොලර් බිලියන 5 ක ඉලක්කයක් කරා ගමන් කරන්න උත්සාහ කරනවා. රජය හෝ පෞද්ගලික අංශය මේ සඳහා කිසිඳු ඇගයීමක් තිබුණේ නැහැ. ඩිජිටල් ආර්ථිකය එළඹෙන 2030 වනවිට ඩොලර් බිලියන 15 ක් දක්වා වර්ධනය කරන්න අපේක්ෂා කරනවා. ශ්‍රී ලාංිකයන් විශාල පිරිසක් අද වනවිට අපි සමඟ එක්ව කටයුතු කරනවා. " යැයි පැවසීය.