දෙසැම්බර් 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසාර ඒකාබද්ධ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ සංවර්ධන වැඩසටහනට අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබේ

    දෙසැම්බර් 04, 2024

    ඌව සහ උතුරු යන පළාත් සඳහා වන තිරසාර ඒකාබද්ධ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ සංවර්ධන වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව සහ කොරියාව අතර වන එකඟතාව පිළිබඳව වන සම්මුතියට අත්සන් තැබීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ මෙරට අධ්‍යක්ෂ කිම් යන්ග් ජින් මහත්මිය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සම්පත් බණ්ඩාර යන මහතා අතින් අද (04) රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ දී සිදුවිය.

    ඌව සහ උතුර යන පළාත්වල ජනනය වන නාගරික ඝණ අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස බැහර කිරීම උදෙසා වන විශේෂ ව්‍යාපෘතියකට කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය සිය සහාය පළ කර තිබේ. මේ සඳහා වැය වෙතැයි අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 10.6 කි. මෙම සම්පූර්ණ මුදල කොරියානු රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට හිමිවේ.

    වසර දෙකක් පුරා සිදුකරන ලද පාරිසරික අධ්‍යනයකින් පසුව මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් හදුනාගනු ලැබූ අතර මේ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රදේශයේ සහ වවුනියාව දිස්ත්‍රික්කයේ පොම්පේමඩු ප්‍රදේශයේත් සනීපාරක්ෂක කසල අංගන දෙකක් ඉදිකිරීමට කටයුතු කෙරෙනු ඇත.

    එමෙන්ම මෙම ව්‍යාපෘතිය මගින් වවුනියාව හා බදුල්ල දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන සඳහා අත්‍යාවශ්‍ය ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා අවශ්‍ය වන්නා වූ යටිතල පහසුකම් හා යන්ත්‍ර සූත්‍ර ලබා දීමටත් පියවර ගැනෙනු ඇත.

    එමෙන්ම මෙයට අමතරව මෙම ව්‍යාපෘතිය මගින් අදාළ ප්‍රදේශයන්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා සෘජු හා වක්‍ර රැකියා උත්පාදනය සිදුකිරීම ද අපේක්ෂිත අරමුණු අතර වේ. මෙම අවස්ථාවට අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ නිලධාරීන්ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya