කර්මාන්ත අමාත්‍යාංශය හා මාතලේ දිස්ත්‍රික් විදාතා එකමුතුව එක්ව සංවිධානය කරන විදාතා ව්‍යවසායක නිෂ්පාදන ප්‍රදර්ශනය සහ අලෙවි පොළ දෙසැම්බර් 05 හා 06 දිනවල මාතලේ බෞද්ධ මන්දිර පරිශ්‍රයේ දී පැවැත්වෙන බව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
විදාතා මධ්‍යස්ථානවල මඟ පෙන්වීම යටතේ බිහි වූ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන මෙම වෙළද ප්‍රදර්ශනය හා පොළ වෙත ඉදිරිපත් කරනු ලබයි.
මෙහි දී බතික්, විවිධ රසකැවිලි විජලිත ආහාර, කුළුබඩු, පිරිසිදුකාරක විසිතුරු නිර්මාණ, ලාක්ෂා නිෂ්පාදන, බෑග්, පාවහන්, ජෑම්, චට්නී, සෝස් වර්ග, කොලපත් ආශ්රිත නිෂ්පාදන, චුල් නිෂ්පාදන, පොල්කටු ආශ්රිත නිෂ්පාදන ආදී නිෂ්පාදන රැසක් මෙම වෙළද ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතලේ