පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වී ඇති ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය එක්වෙමින් කර්මාන්ත අමාත්‍යවරයා මේ බව පැවසීය.
පසුගිය සති කිහිපයේ පැවති ආපදා තත්වය සඳහා එක රුපියලක් හෝ වංචා දූෂණ සිදු නොවූ බවත්, බොහෝ කණ්ඩායම් ආපදා කළමනාකරණය සඳහා ස්වේච්ඡාවෙන් ඒ සඳහා මැදිහත් වූ බවද අමාත්‍යවරයා පැවසීය.
ආපදා කළමනාකරණයේදී සහන සැලසීම සඳහා ලබා දුන් බත් පැකට් එකෙනුත් ගසා කෑ යුගය අවසන් කිරීමට හැකි වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
2024 නොවැම්බර් මස 21 සිට අද දක්වා මිලියන 149ක් කඩිනම් සහන වැඩපිළිවෙළ යටතේ ආපදා සහන සඳහා වෙන් කර ඇති බවත්, නමුත් 2024 මැයි 15 සිට ඔක්තොම්බර් 20 දක්වා මාස 05ට ම වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 307ක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.