පක්ෂ මාරු කිරීම සඳහා දේශපාලන අල්ලස් වශයෙන් හිටපු ජනාධිපතිවරයා විසින් මේවා යොදාගත් බවද සභානායකවරයා අවධාරණය කළේය.
සුරාසැල් බලපත්‍ර ලබාදී ඇති නාම ලේඛනය පොදු මහජනතාවගේ හා මහජන නියෝජිතයින්ගේ දැනගැනීම සඳහා සභාගත කරන බවද සභානායකවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් සභානායකවරයා මෙසේද පැවසීය.
“නැවත දැනුම් දෙන තුරු කිසිම බලපත්‍රයක් නිකුත් නොකරන ලෙසත් ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දී තිබෙනවා. පසුගිය ඔක්තෝම්බර් 22 දා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඇති ලිපියයි ඒ. කරුණු කිහිපයක් මේ සභාවේ අවධානය යොමුකරනවා.
මේ බලපත්‍ර වලින් තමයි මන්ත්‍රීවරුන්ගේ නමුත් වෙනස් වුණේ බාර්තුමා කියලා.ඒ වගේම මීට අදාළ නාම ලේඛනය මම සභාගත කරනවා. ජනතාවට වගේම මන්ත්‍රීවරුන්ට දැනගන්නත් පුළුවන්.